Posted on 12.29.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
චීනයේ බලපෑම්වලට එරෙහිව මෙරට ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම එක් කොන්දේසියක් ලෙස දක්වමින් ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සැපයීමේ දී යම් යම් කොන්දේසි ඉදිරිපත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙන බව පුවත්පත් කිහිපයක්ම වාර්තා කර තිබේ.
අමෙරිකානු කොංග්රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති මූල්‍ය වියදම් පනත් කෙටුම්පතේ විදේශාධාර යටතේ මේ කොන්දේසි සඳහන් කර තිබෙන අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබාදීමේ දී මෙලෙස කොන්දේසි ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
එම පනතේ ශ්‍රී ලංකාවට අදාළ පරිච්ඡේදය සඳහන් වන පරිදි චීනයේ බලපෑමෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සහ අන්තර් ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ද ඉදිරියේදී එක්සත් ජනපදය මූල්‍යාධාර සැපයීමට නියමිතය.
මෙම පනත ඔස්සේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට සැපයෙන මූල්‍යාධාර ප්‍රමාණය නිශ්චිතව දක්වා නැති නමුත් වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 15ක් (රුපියල් කෝටි 285ක්), මානුෂීය ආධාර වෙනුවෙන් ඩොලර් මිලියන භාගයක් (රුපියල් කෝටි 9.5ක්) ඇතුළු විෂය මාලා සංවර්ධනයට, සමුද්‍රීය ආරක්ෂාවට මෙන්ම වෙරළාරක්ෂක භටයන් වෘත්තීයකරණයටද මූල්‍යාධාර ලබාදෙන බව සඳහන් වේ.