தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
ලංකාව ඇතුලු රටවල් කිහිපයක් මැද පෙරදිග කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම නවතයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාව ඇතුලු රටවල් කිහිපයක් මැද පෙරදිග කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම නවතයි



ඉරානය, ඉරාකය, ඕමානු ගල්ෆ් කලාපය සහ ඉරාන – සෞදි අරාබියාව අතර මුහුදු කලාපය අතර ගුවන් ගමන් ගමන් සේවා නවතා දැමීමට රටවල් බොහොමයක් තීරණය කර තිබේ. මේ බව පළමුව ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නිවේදනය කර තිබුණි. එම නිවේදනය කරනු ලැබුවේ ඉරාකයේ ඇමරිකානු කඳවුරු දෙකකට ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල කිරීමෙන් අනතුරුවයි.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයද ආරක්ෂක පියවරක් ලෙස ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා සිය කොළඹ-ලන්ඩන්-කොළඹ ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා ඇති බව නිවේදනය කර තිබේ.

ඊට අමතරව සිංගප්පූරු ගුවන් සේවයද තම ගුවන් ගමන් ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපවල සිදු නොකිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබුණි.

මේ අතර යුක්රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද(08) ඉරානයේ ටෙහෙරාන් නුවර දී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගීන් 180 දෙනාම මිය ගොස් තිබේ.

එම ගුවන් යානය බෝයිං 737 වර්ගයේ යානයක් බවත්, ටෙහෙරානයේ පිහිටි ඉමාම් කොමෙයිනි ගුවන් තොටුපළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.

යුක්රේනයේ කිවී නුවර පිහිටි බොරිස්පිල් ගුවන් තොටුපළ බලා ගමන් ගනිමින් තිබූ එම ගුවන්යානය ගුවන්ගතවී සුළු වේලාවකින් අනතුර සිදුව ඇත.

සිදු වූ අනතුරින් දිවි බේරාගත් කිසිවකු සිටීදැයි සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.

ඉරානය, ඉරාකයේ පිහිටි ඇමෙරිකානු කඳවුරු දෙකක වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පමණ පසු මෙම අනතුර සිදු ව තිබේ.