தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ලංකාව සමඟ සබඳතා අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනවා - චීන ජනාධිපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාව සමඟ සබඳතා අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනවා – චීන ජනාධිපති



ලංකාව සමග ද්වීපාර්ශ්වීය සබදතා ඉහළ නැංවීමටත්, කෝවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙන ඒමට සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ලංකාවට උදව් කිරීමට සූදානම් බව චීන ජනාධිපති සී ජින් පින් පවසා තිබේ.

දුරකථනය ඔස්සේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අමතා ඇති චීන ජනාධිපති සී ජින් පින්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ හම්බන්තොට වරාය වැනි දැවැන්ත ව්‍යාපෘති දෙරටේ සහයෝගය මත අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට යෝජනා කර තිබේ.

කෝවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට, ශ්‍රී ලංකාව සහ චීනය එකිනෙකාට උදව් උපකාර කර ගනිමින් සිටින බවත්, දෙරට, ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් ලියමින් සිටින බවත් චීන ජනාධිපතිවරයා පවසා තිබේ.

චීනය සහ ශ්‍රී ලංකාව, අන්‍යෝන්‍ය සහයෝගය බුක්ති විදින උපායමාර්ගික මිතුරන් බව පවසන චීන ජනාධිපති, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නීත්‍යනුකූල ආසනය ප්‍රතිශ්ඨාපනය කර ගැනීමට ලංකාවෙන් ලැබෙන සහාය කිසිදිනෙක අමතක නොකරන බවද පවසා තිබේ.

ඔවුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් තහවුරු කරගැනීමටත්, ජාත්‍යන්තර සමානාත්මතාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා සපුරාගැනීමටත්, ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එක්ව වැඩ කිරීමට තමන් සූදානම් බව චීන ජනාධිපතිවරයා පවසා තිබේ.

මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරයට තමන් සුබ පතන බව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය ලබා ඇති ජයග්‍රහණ තමන් අගය කරන බවද ජනාධිපතිවරයා පවසයි.

චීනයෙන් ලැබෙන සහායට ස්තුතිය පළ කර තිබෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොදු කාරණා සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට සූදානම් බවද පවසා තිබේ.

රට පාලනය කිරීමේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ අත් දැකීම්වලින් ඉගෙන ගැනීමේ සූදානම පිළිබදවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පවසා ඇත.