Posted on 04.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට ලබාදීම නුසුදුසු බවට වෛද්‍ය මතය බැවින් ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින්ට ‘කොවිඞ් 19’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබාදීම නවතා දමා ඇත.
ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකීම පිණිස එන්නත ලබාදීමට අප්‍රේල් 11 දිනය නියම වී තිබුණු නමුත් මේ වනවිට එම තීරණය අත්හැර දමා ඇත. ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති, කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසන්නේ ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයන් වැඩි සංඛ්‍යාවක් වයස 30 ට අඩු තරුණයන්බැවින් මෙම තීරණය ගත් බවය.
ඔහු කවදුරටත් පවසන්නේ එංගලන්තය විසින්ද ‘ඇස්ට්‍රාසෙනිකා’එන්නත ලබාදීම නවතා දමා තිබෙන පසුබිමක, මෙරට ක්‍රිකට් කණ්ඩායමට එම එන්නත ලබාදීමෙන් අවදානමක් නොගතයුතු බවය.
දැනට බංග්ලාදේශ සංචාරයක යෙදී සිටින ලංකා ක්‍රිකට් කණ්ඩායම සංචාරයෙන් පසුව මෙරටට පැමණී පසුව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට නිර්දේශිත වෙනත් එන්නතක් ලබාදීමට අවධානය යොමු කරන බව ද මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.
කෙසේ වෙතත්, මේ දක්වා ලංකාවේ භාවිතයට ගන්නා ඉන්දියවෙන් ලබාදුන් ‘කොවිෂීල්ඩ්’ එන්නත ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත පදනම් කරගෙන ඉන්දිය ඖෂධ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය වන්නකි. එම එන්නත සම්බන්ධ ගැටලුවක් නොමැතිව තිබියදී ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත සම්බන්ධ අවදානමක් මතුවී තිබීම සෞඛ්‍ය බලධාරින් විසින් අවධානයට ගත යුතුව ඇත.