தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පුහුණු තරගයෙන් ජයගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පුහුණු තරගයෙන් ජයගනී!



ලාංකීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(18) ඔ්ස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී පැවති පුහුණු තරගයේදී ඒංගලන්ත පිළ පරාජය කරමින් විකට් 10ක ජයක් හිමිකර ‌ගෙන තිබේ.

මෙම පහසු ජය හිමිකර ‌ගෙන ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි පුහුණු තරගයේදීය.

ඒංගලන්ත කණ්ඩායමට විකට් 9ක් දැවී ලකුණු 122ක් ලබාගත් අතර පිළිතුරු ‌ලෙස ලංකා කණ්ඩායම කිසිවකු ‌නොදැවී ලකුණු 123ක් හිමිකරගත්හ.