தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ලංකා බැංකුව යහපාලන හිතවතුන්ට දුන් කෝටි 8,000ක් අයකරගන්න ක්‍රමයක් නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකා බැංකුව යහපාලන හිතවතුන්ට දුන් කෝටි 8,000ක් අයකරගන්න ක්‍රමයක් නැහැ



යහපාලන රජය සමයේ දේශපාලනඥයින් ඇතුළු විවිධ ප්‍රද්ගලයින් සඳහා ලංකා බැංකුව නිකුත් කර ඇති රුපියල් කෝටි 8,000 ක ණය මුදලක් අය කර ගැනීමට නොහැකිව ඇතැයි ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ පවසයි. එම ණය කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇතැයිද ඔහු පවසයි.

ආචාර්ය ඇන් ඇම් පොරේරා කේන්ද්‍රෙය් අද ( 06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් සිව් දෙනකු ද මේ අතර වන බවයි. මෙම කාලය තුළ ලංකා බැංකුව විසින් කපා හැර ඇති බොල් ණය ප්‍රමාණය රුපියල් කෝටි 500 ක් ඉක්මවන බවද ඔහු සඳහන් කළේය.

ලංකා බැංකුවේ හිටපු මහා කළමනාකරුට ලබා දුන් රුපියල් ලක්ෂ 250 ක ප්‍රාඩෝ නිල රථය ඔහු විශ්‍රාම යන විට රුපියල් ලක්ෂ 6 ක් ගෙවා නිවසට රැගෙන ගොස් ඇතැයි ද ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපතිවරයා අනාවරණය කළේය.මේ පිළිබඳව අල්ලස් කොමිසමට, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පැමිණියද අද වන තෙක් විමර්ශනයක් හෝ සිදු කර නැතැයිද ඔහු පවසයි.

හිටපු මහ බැංකු කලමණාකාරවරයා අද වන විට ඊ ටී අයි ආයතනයේ පවතින ගැටලු සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමේ සාමාජිකයකු බවද නිශාන්ත සමරසිංහ පවසයි.