Posted on 02.06.2022 by Sithara Sajeewani in කලා with 0 Comments
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ භාරත සිනමාවේ විශිෂ්ටතම ගායන ශිල්පිනියක් ලෙස සැළකෙන ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වී තිබේ.
කොවිඩ් – 19 හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වය බරපතල වීම නිසා මුම්බායි නුවර බ්‍රිජ් කැන්ඩි රෝහලේ දී ඇය මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මිය යන විට ඇයගේ වයස අවුරුදු 92කි. ඇය ජනප්‍රිය වූයේ ‘ඉන්දියාවේ නයිටිංගේල්’ ලෙසිනි.
.ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36කින් ගීත 30,000කට අධික ගණනක් ගායනා කර තිබේ. භාරත රත්න, පද්ම විභූෂන්, පද්ම භූෂන් වැනි ඉන්දියාවේ ඉහළම සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇත.
1929 දී උපත ලද ලතා මංගේෂ්කාර්, සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ අතර, ඔවුන් අතර ගායිකා ආශා බෝන්ස්ලේ ද ඇයගේ සහෝදරියකි.
13 හැවිරිදි ලතා මංගේෂ්කාර්, මරාති චිත්‍රපටවල රංගන කොටස් සමඟ ගායනයන් ඉදිරිපත් කරමින් සංගීතයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබේ. 1945 දී මධුබාලා රඟපෑ ‘මහල්‘ චිත්‍රපටයේ ආයේගා ආනේවාලා… ගීතයෙන් මංගේෂ්කාර්, මුල් කාලයේ ජනප්‍රිය විය.