Posted on 12.21.2020 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී, ස්පාඤ්ඥයේ බාර්සෙලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ‘පෙලේ’ විසින් ලබාගත් ගෝල 643 වාර්තාව සම කළ බව ඊයේ(20) වාර්තා විය.
1956-74 අතර කාලය තුළ බාසෙලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් ලබාගත් ගෝල සංඛ්‍යාව සම කිරීම සම්බන්ධව දැනට 80 වියැති බ්‍රසීලියානු ක්‍රීඩා තරුව එඩ්සන් අරන්ටෙස් ඩු නසිමෙන්ටො හෙවත් ‘පෙලේ’ විසින් ට්විටර් පණිවුඩයකින් සුබ පතා ඇත.
එසේවුවද ‘පොලේ’ සිය ජීවිත කාලය පුරා රැස් කළ ගෝල සංඛ්‍යාව වන 767ක් ලබාගැනීම මෙසීගේ මීළඟ ඉලක්කයවනු ඇත. නමුත් ඔහුගේ සමකාලීන පෘතුගාල ක්‍රීඩක ක්රිස්ට්යනෝ රොනල්ඩෝ විසින් දැනටමත් ගෝල 770ක අභියෝගයක් ලබා දී ඇත.
2001 වසරේ සිට බාර්සෙලෝනා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන මෙසී ආර්ජන්ටිනාවේ ජාතික කණ්ඩායමේ නායකත්වයද දරයි.
2016 ජූලි මසදී තම රට වෙනුවෙන් තරග කරද්දී දඬුවම් පහරක් ගිලිහී යාම නිසා ආජන්ටිනාව තරඟයෙන් පරාජය වීමේ සිදුවීම හේතු කරගෙන ඔහු ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට පවා උත්සාහ කළත් පසුව ඒ අදහස වෙනස් කළේය.
2016දී බදු වංචාවක් හේතුවෙන් ආජන්ටිනා අධිකරණය විසින් ඔහුට මාස 21 සිර දඩුවමක් ලබා දී තිබිණි.