தமிழ்
English
Contact
Friday 15th November 2019    
ලලිත්-කුහන් අතුරුදන්කිරීම - අභියාචනාධිකරණයේ නියෝග යුක්තියට හරස් වෙලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලලිත්-කුහන් අතුරුදන්කිරීම – අභියාචනාධිකරණයේ නියෝග යුක්තියට හරස් වෙලා!



ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතිව පැහැරගනු ලැබූ ලලිත් කුමාර් සහ කුහන් මුරුගානන්දන් අතුරුදන්කිරීම සම්බන්ධව යුක්තිය ඉටුවේද යන්න සැකසහිත තත්වයක් උද්ගතව තිබේ.

අද(27) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණු ගෝඨාභය රාජපක්ෂ පෙනී නොසිටීම මත නඩුව ඔක්තෝබර් මාසයට කල් දමා ඇත. අභියාචනාධිකරණය විසින් 2012 සැප්තැම්බර් මාසයේ ලලිත් හා කුහන් අතුරුදන්වීම පිළිබද හබයාස් කෝපුස් පෙත්සම විභාගයට ගන්නා අවස්ථාවේ එම සිදුවීම විභාගකරන්නට යාපනය මහේස්ත්‍රාත් අදිකරනයට පවරනු ලැබුවද එම නඩුවිභාගයේ සාක්ෂි ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ කැඳවීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින්ම නිකුත් කර තිබේ. මෙය සාක්ෂිකරුවකු අධිකරණයට කැඳවීමට පැමිණිලි පාර්ශ්වයට ඇති අයිතිය උල්ලංඝනය වූ අවස්ථාවක් මෙන්ම අභියාචනාධිකරණය දුන් නියෝගයක් එම අභියාචනාධිකරණය විසින්ම අවහිර කළ අවස්ථාවකි. විශේෂයෙන්ම නඩුවාරය දෙවරක්ම මගහැර ගිය ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අභියාචනාධිකරණය විසින් මෙම අතුරු තහනම නිකුත්කර ඇත්තේ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු වූ අචල වෙන්ගප්පුලි ඉවත්ව ගිය පසුබිමකය. මෙම තත්වය යටතේ වසර 8කට පෙරාතුව ගෝඨාභය යටතේ සිටි ආරක්ෂක අංශ විසින් පැහැරගෙන අතුරුදන් වූ ලලිත් කුමාර් සහ කුහන් මුරුගානන්දන් පිළිබඳ යුක්තිය ඉටුවේද යන්න සැක සහිතය.
ලලිත් හා කුහන් ආරක්ෂක අංශ විසින් පැහැරගනු ලැබුවේ 2011 දෙසැම්බර් 9 වැනිදා වන අතර කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා විසින් ඔවුන් ආරක්ෂක අංශ භාරයේ සිටින බව ප්‍රකාශ කළේ දෙසැම්බර් 15 වැනිදාය. ඇමතිවරයා ඒ බව දැනගෙන තිබුණේ ආරක්ෂක මණ්ඩලයේ තොරතුරු ලබාගැනීමෙනි. ආරක්ෂක මණ්ඩලය යනු ආරක්ෂක අමාතයංශයේ ලේකම්වරයා මූලිකව රැස්වන ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ රැස්වීමය. මේ අනුව ආරක්ෂක අංශ ප්‍රදානින් මෙන්ම එවකට ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලලිත් හා කුහන් දෙදෙනා ආරක්ෂක අංශ අත්අඩංගුවේ ඉන්නා බව දැන සිටියහ. එහෙත් රටපුරාම මේ අතුරුදන්වීම ගැන විමසීම් සිදුවෙද්දී ලෝකයේ අවධානය ඊට යොමුව තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහු යටතේ හුන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය අැතුළු කිසිදු නිලධාරියකු සත්‍ය ප්‍රකාශ කළේ නැත. තම ප්‍රියයන් අතුරුදන්ව ඇති බවට ලලිත්ගේ හා කුහන්ගේ ඥාතින් පොලිස් ස්ථානවලට පමණක් නොව මානව හිමිකම් කොමිසමට, පොලිස් මූලස්ථානයට මෙන්ම අධිකරණයට පෙත්සම් මගින් දැනුම් දුන් නමුත් විදිමත් ලෙස යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලියක් දක්නට ලැබුණේ නැත.
මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිසි විමර්ශනයක් සිදුනොකරන බව වටහා ගැනීමෙන් පසුව ඥාතීන් විසින් අභියාචනාධිකරණය වෙත හබයාස්කෝපුස් පෙත්මක් ඉදිරිපත්කරනු ලැබුවේ 2012 සැප්තැම්බර් මාසයේදීය. ඒ අනුව ලලිත් හා කුහන් අතුරුදන්වීම සම්බන්ධයෙන් විභාගකරන ලෙස යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට පවරනු ලැබුවේ අභියාචනාධිකරණය විසිනි. යාපනය මහෙස්තාත් අධිකරණයේ නඩුව විභාග කිරීම ආරම්භ කරනු ලැබුවද සාක්ෂිකරුවන් ලෙස ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අධිකරණය මගහැර යාමට උථ්සාහ කළේය. නමුත් අවසානයේ වසරක් පමණ ප්‍රමාද වී ඔහු අධිකරණය වෙත ගොස් තමන් දැන සිටි කරුනු අනාවරණය කළේය. එනම් ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය මූළිකත්වය ගන්නා ආරක්ෂක මණ්ඩලයේ තොරතුරු අනුව ලලිත් හා කුහන් අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන සිටි බවය. මේ නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස පෙත්සම ඉදිරිපත් කළ ඥාතින් වෙනුවෙන් ඉල්ීමක් කරන ලදී.

නමුත් ගෝඨාභය විසින් අධිකරණය මගහැර යමින් විවිධ හේතු දක්වා තිබේ. වරෙක පෞද්ගලික අපහසුතා නිසා අධිකරණයට නොපැමිණි ගෝඨාභය, ඉන්පසුව අසනීප වීම නිසා අධිකරණයට නොපැමිණියේය. තමන්ට ආරක්ෂ හේතු මත අධිකරණයට පැමිණිය නොහැකි බව ඔහුගේ නීතිඥයන් අභියාදනාධිකරණයෙන් සහන ඉල්ලා ඇතිතේ තුන්වැනි වතාවට අධිකරණයට කැඳවීමක් ලැබි තිබියදීය. මිනිසුන් දෙදෙනකු අතුරුදන්කර වසර 8ක් ඉක්ම ගියද අධිකරණ ක්‍රියාදාමයේ සිදුරුවලින් වලකිවයුත්තන් රිංගා යන බව පැහැදිළිය. අතුරුදන් වූවන් සම්බන්ධ අවම යුක්තිය ඉටු කරන්නට පවා ලංකාවේ අධිකරණයට හැකියාවක් නැති බව මේ නිදසුනෙන් පෙනී යයි.