தமிழ்
English
Contact
Friday 22nd November 2019    
ලලිත් කුහන් අතුරුදන් කිරීම - ගෝඨාභය කැඳවීමට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලලිත් කුහන් අතුරුදන් කිරීම – ගෝඨාභය කැඳවීමට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි!



ලලිත් සහ කුහන් මානව හිමිකම් ක්‍රියාකාරින් පැහැරගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේදී සාක්ෂි දීමට ගෝඨාභය කැඳවීම වැළැක්වූ නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම අද(31) අභියාචනාධිකරණයේදී ඉවත දමන ලදී.
යාපනය අධිකරණයේ සාක්ෂි ලබාදීම මග හැරීමට ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ගොස් ලබාගත් වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණේ ලලිත් සහ කුහන් මානව හිමිකම් ක්‍රියාකාරින් වෙනුවෙන් අභියාචනාධිකරණයටම හබයාස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කළ පාර්ශ්වය වෙනුවෙනි. එම අභියෝග ඉල්ලීම් පෙත්සම අභියාචනාධිකරණ සභාපතිවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඔක්තෝබර් 28 වැනිදා විභාගයට ගත් අතර එම වාරණ නියෝගය ලබාදුන් විනිසුරු මඩුල්ල ඉදිරියේම එය සමාලෝචනය විය යුතු බව එදා තීරණය විය. ඒ අනුව අද දීපාලි විජේසුන්දර විනිසුරුවරිය ඇතුළු ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම සලකා බලනු ලැබිණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ නුවන් බෝපගේ ප්‍රකාශ කළේ නීතියට අනුව අභියාචනාධිකරණයට වාරණ නියෝග නිකුත් කළ හැක්කේ සති දෙකක කාල සීමාවකට පමණක් වුවත් මෙහිදී සැප්තැම්බර් 24 සිට දෙසැම්බර් 3 දක්වා සති හයක පමණ කාලයකට වාරණයක් නිකුත් කර තිබෙන බවයි. එපමණක් නොව, මෙවැනි වාරණ නියෝගයක් නිකුත් කළ යුත්තේ අභියාචනාධිකරණය විසින් අනෙක් පාර්ශවයට නොතීසි යවා කැඳවීමෙන් පසුව බව නීතියේ පැහැදිලිව සඳහන් ව ඇති නමුත් ගෝඨාභයට පක්ෂග්‍රාහී ලෙස මේ නියෝගය නිකුත්කර ඇති බවට නීතිඥවරයා විරෝධය පළ කළේය. ලලිත් කුහන් නඩුව වෙනුවෙන් සාක්ෂි කැඳවවෙිභාග කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළ අභියාචනාධිකරණය විසින්ම ගෝඨාභයගේ සාක්ෂි කැඳවීම වලක්වමින් වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රශ්නකාරී බවද ඔහු පෙන්වා දෙන ලදී.
පසුගිය සැප්තැම්බර් 27 වැනිදා යාපනය අධිකරණයට යාමට දින තුනක් තිබියදී 24 වැනිදා අභියාචනාධිකරණයෙන් වාරණ නියෝගය ලබා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් කරුණු දෙකක් ඉදිරිපත්කරණ ලදී. පළමුව, ලලිත්-කුහන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ සාක්ෂිය අදාල නොවන බව ඔහුගේ තර්කයක් විය. ලලිත් සහ කුහන් පැහැරගැනීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ දැන සිටි බවට කෙහෙළිය රඹුක්වැල්ල යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් සාක්ෂිය අද දින අධිකරණයට කරුණු ඉදිරිපත් කරණ ලදී. දෙවනුව ආරක්ෂක ප්‍රශ්නයක් නිසා ගෝඨාභයට යාපනයට යා නොහැකි බවට තර්කයක් ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ රෝමේෂ් ද සිල්වා නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලදී. නමුත් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ යාපනයේ මැතිවරණ රැස්වීම් පැවැත්වූ මාධ්‍ය වාර්තා අද දින අධිකරණයට ඉදිරිපත් කරණ ලදී.මේ අනුව ගෝඨාභය රාජපක්ෂට වාසිදායක ලෙස තර්ක කළ කරුණු දෙකම නිශ්ප්‍රභාවන බව අධිකරණය හමුවේ කරුනු දක්වන්නට ලලිත්-කුහන් පාර්ශ්වය වෙනුවෙන් පවසන ලදී.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරණ සමයේ අතුරුදන් කළ ලලිත් හා කුහන් සම්බන්ධ හබයාස්කෝපුස් පෙත්සම මේ අනුව නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරවන්ගේ තත්වයට පත්වීමේ ඉඩකඩක් ඇති බව පෙනී යයි. නඩුවේ සාක්ෂි ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ කැඳවීම යුක්ති සහගත බවට නීතීඥයන් කරුණු ඉදිරිපත් කරද්දී දීපාලි විජේසුන්දර විනිසුරුවරිය ප්‍රකාශ කළේ එම විරෝධතා කරුණු දැක්වීමට ඉඩ දිය නොහැකි බවත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන බවත්ය. ඒ අනුව විරෝධතා දැක්වීම සඳහා  ජනාධිපතිවරණයටද පසුවී, අභියාචනාධිකරණ විනිසුරුවරිය තීන්දු කළ නීති විරෝධී වාරණ නියෝගයද අවසන් වන දිනට පෙර දිනය එනම් දෙසැම්බර් 2 දිනය ලබාදෙන්නට ඇය තීරණය කළාය. මෙවර ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ  අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මේ නඩු කටයුත්ත ජනාධිපතිවරණයෙන් පසුවට කල් දා ගැනීමට උත්සාහ කළ අතර අභියාචනාධිකරණයේ තීරණය අනුව සාර්ථක විය.

පසුබිම් තොරතුරු

දීපාලි විජේසුන්දර විනිසුරුවරිය රාජපක්ෂ පවුලේ සමීප හිතවතියක වන අතර ඇය මහාධිකරණ විනිසුරුවරියක් ලෙස කටයුතු කරද්දී ඇගේ දියණියගේ විවාහයට අත්සන් තැබීම සඳහා පැමිණ තිබුණේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂය. එහිදී විවාහයේ ත්‍යාගයක් වශයෙන් ඇයට අලුත්ම මෝටර් රථයක් ලබා දුන් බවට ද වාර්තා පළ විය. 2012 ජනවාරි මසදී අභියාචනාධිකරණ විනිසුරු ලෙස දීපාලි විජේසුන්දර පත්කරණු ලැබූ පසුව ඇය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුකරනු ලැබිණි. එහිදී ඇයට හා ඇයගේ පවුලේ සමාජිකයින්ට පූර්ණ ආරක්ෂාව සැපයීමට ආරක්ෂක ඇමති ලෙස ජනාධිපතිවරයා තීරණය කළේය.
මිට අමතරව කුප්‍රකට සුදුකොඩි නඩුව ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ අවස්ථාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා චෝදනාවලින් නිදොස් කළ යුතු බව ටී. එම්.පී.බී. වරාවැව විනිසුරුවරයා පැවසූ අතර සභාපති විනිසුරුවරිය ලෙස දිපාලි විජේසුන්දර තීරණය කළේ සරත් ෆොන්සේකා ලබා ඇති චෝදනාවලට ඔහුට දඩුවම් දියයුතු බවයි.