தமிழ்
English
Contact
Sunday 15th December 2019    
ලලිත් කුහන් හබයාස්කොපුස් පෙත්සම - ගෝඨා වෙනුවෙන් ප්‍රතිවිරෝධතා ගොනු කරනවලු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලලිත් කුහන් හබයාස්කොපුස් පෙත්සම – ගෝඨා වෙනුවෙන් ප්‍රතිවිරෝධතා ගොනු කරනවලු



ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති හබයාස්කොපුස් පෙත්සමට අදාළ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ විභාගය සම්බන්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයෙන් ප්‍රති විරෝධතා ගොනුකරන්නට සූදානම් වේ.

2011 දෙසැම්බර් 10 වැනිදා යාපනයේදී පැහැරගනු ලැබූ මෙම දේශපාලන ක්‍රියාකාරින් දෙදෙනා සම්බන්ධ ආරක්ෂක මණ්ඩලය තුළ කරුනු ඉදිරිපත්වී තිබෙන බැවින් එවකට ආරක්ෂක මන්ඩලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස එවකට ආරක්ෂක අමාතයංශ ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සාක්ෂි විමසීමට අධිකරණය අවසර දුන් අතර ගෝඨාභය රාජපක්ෂ අවස්ථා 3කදී අධිකරණය මගහැර ගියේය. මේ මගහැර සිටීමට වාසිදායක ලෙස අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය නීති විරෝධී බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් විරෝධතා දක්වන ලද අතර ඒ සම්බන්ධයෙන් නඩුවාර ගනනාවක් ඇදී ගියේ නිශ්චිත පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් කිරිම සම්බන්ධ ආරක්ෂක අංශවලට ඇති වගකීම හා එය විනිශ්චය කිරීමේදී අදිකරණයට ඇති වගකීමද නොසළකා හරිමිනි.
ගොනුකළ විරෝධතා සම්බන්ධ කරුනු දැක්වීම අද දිනට නියමිතව තිබුණි. එහෙත් ඒ සම්බන්ධව කිසිදු අදහසක් නොදක්වා ප්‍රතිවිරෝධතා දක්වන්නට දිනයක ඉල්ලා ඇත. ඒ අනුව අභියාචනාධිකරණය අද දින එම අවස්ථාව ජනවාරි 30 වැනිදාට ලබා දෙන ලදී. මිනිස් ජීවිත දෙකක් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග සහ දේශපාලන බලපුලුවන්කාරකම යන අන්ත දෙකකින් ධනේශ්වර අධිකරණය තුළ තොරොම්බල් කිරීමකට ලක්ව ඇති බව මේ සම්බන්ධ මතදක්වන්නන් පෙන්වා දී ඇත.

ගෝඨාභය රාජපක්ෂ යාපනය අදිකරණය මගහැර අභියාචණාධිකරනයේ පිහිට පැතීම

2019 -01-11 ‍මෙම කාරණයට අදාළව මැයි 3 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වන ලෙස කියලා ගෝඨාභය රාජපක්ෂට දැනුම් දීම.

2019 -01-11 ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් අධිකරණයට ප්‍රකාශ කළේ පෞද්ගලික අපහසුතාවක් නිසා ගෝඨාභය රාජපක්ෂට අධිකරණයට පැමිණිය නොහැකි නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව ජූනි 21 දිනය ලබා දෙන ලදී.

2019 -06-21 වෛද්‍ය වාර්තාවක් සමග නීතිඥයන් පැමිණ ප්‍රකාශ කළේ සාක්ෂිකරු අසනීපව විදේශගතව ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට පැමිණීය නොහැකි බවය. ඒ අනුව සැප්තැම්බර් 27 දිනය ලබා දෙන ලදී.

2019 -09-24 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නට නියමිත අයකු ලෙස ආරක්ෂක තත්වය නිසා සහ මෙම නඩු කටයුත්තට සම්බන්ධයක් නැති නිසාත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට හමුවේ පෙනී සිටීම අත්හිටුවන නියෝගයක් ලබා දෙන ලෙසට ගෝඨාභයගෙ නීතිඥයන් අභියාචනාධිකරණයට ගිහින් ඉල්ලීමක් කිරීම සහ එම වාරණය දෙසැම්බර් 3 වැනිදා දක්වා ලබාදීම

2019-10-28 අභියාචනාධිකරණ වාරණය නීති විරෝධී බවටත් අභියාචනාධිකරණය විසින්ම මින් පෙර ලබාදුන් නියෝගයන්ට පටහැනි බවටත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ඉල්ලීමක් කිරීම

2019-10-31 යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි දීමට ගෝඨාභය කැඳවීම වැළැක්වූ නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාධිකරණ පෙත්සම ඉවත දමන ලදී.