தமிழ்
English
Contact
Saturday 16th January 2021    
ලසන්ත වික්‍රමතුංග ඝාතනයකර වසර 12යි - ඝාතකයෝ නිදැල්ලේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලසන්ත වික්‍රමතුංග ඝාතනයකර වසර 12යි – ඝාතකයෝ නිදැල්ලේ!



2009 ජනවාරි 8 වැනිදා, රත්මලාන ගුවන් හමුදා කඳවුර ආසන්නයේ අධි ආරක්ෂක කලාපයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් විය.

ඔහු ඝාතනය කෙරුණේ රාජ්‍ය ඔත්තුකරුවන් අතින් බවට නැගුනු චෝදනා හමුවේ ඔත්තුකරුවන් අත්අඩංගුවට ගෙන ගෙන ගිය නඩුවිභාගයේදී කිසිදු සාක්ෂියක් සනාථ කිරීමට නොහැකි විය.
2016දී සියදිවි නසාගත් ඔත්තුකරුවකු සිය පාපොච්චාරණයක් ලෙස ලසන්ත ඝාතනයට තමන් සම්බන්ධ බව අවසන් ලිපියක් ලියා තිබිණි.

ඝාතන සිදුවීම පිළිබඳ පුවතත් සමග ඔහු වෙඩි තබා ඝාතනය කර ඇති බවට ආරක්ෂක තොරතුරු ප්‍රකාශයට පත්කරන මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පැවසුවද එය අසත්‍යයක් බව පසුව අනාවරණය විය. කිසිදු විමර්ශන තොරතුරකින් හෙළි නොකළ කාරණයක් රජයේ ප්‍රකාශකවරයා විසින් ප්‍රසිද්ධියට පත් කළේ ඇයිද යන්න තවමත් අභිරහසකි.

පසුව සොයාගත් තොරතුරු අනුව, හිසට එල්ල කළ තියුනු කූරක් වැනි ආයුදයකින් හදිසි ප්‍රතිකාරයකින් ජීවිතය බේරාගැනීමට අවස්ථා අවම කරමින් ඔහු ඝාතනය කිරීමට සැලසුම්කර තිබිණි. ඝාතනයට යොදාගත් යතුරු පැදිය පිළිබඳ අනාවරණය කරගත් තොරතුරුද ජංගම දුරකථන සිම්කාඩ් පත් ආදියද පසුව හෙළි වූ ආකාරයට පරික්ෂණය නොමග යැවීමට සැලසුම් කළ ඝාතකයන්ගේ ප්‍රයෝග විය.

මේ තත්වය යටතේ මෙරට ආරක්ෂක ඔත්තු සේවා මෙන්ම වෙනම පුහුනු කළ ඝාතක යන්ත්‍රයක් පැවතීම සම්බන්දයෙන් එල්ලවන චෝදනා තවමත් වලංගුවන අතර අපරාධකරුවන් තවමත් නීතිය හමුවට ගෙන නැති බැවින් ඝාතකයන් නිදැල්ලේ සිටින බවද සත්‍යයකි.

ඝාතනය කෙරුනු ලසන්ත, සන්ඩේ ලීඩර් කතුවරයා වශයෙන් ‘මිග් යානා ගනුදෙනුව’ සම්බන්ධයෙන් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ වංචා දූෂණ සම්බන්ධව පළ කළ ලිපි සම්බන්ධව ප්‍රසිද්ධ තොරතුරු රැසක් අනාවරණයකර තිබිණි. ඔහු ඝාතනය කෙරුනේ එකී වංචාදූෂණ සම්බන්ධ රාජපක්ෂවරුන්ට එල්ල කළ කරුනු සහිත චෝදනා හේතුවෙන් බවට අනුමාන කෙරේ. එකී වංචා දූෂණ සම්බන්ධව කිසිදු විමර්ශනයක් සිදුව නැති අතර කරුනු සහිතව චෝදනා නැගූ ලසන්ත ඝාතනය කෙරිණි.

ලසන්ත ඝාතනය දේශපාලන සටන් පාඨ ලෙස ගෙන ආ දේශපාලනය විසින් මාධ්‍ය මර්දනය සම්බන්ධ කිසිදු වගකීම් සහගත පරික්ෂනයක් සිදුකර නැති අතර එකී සියලු අපරාධමය සිදුවීම් සිදුකළ අපරාදකරුවන් තවමත් නිදැල්ලේ පසුවීම ගැන එවකට ආරක්ෂක ඇමති වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙන්ම එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වශයෙන් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ඇති වගකීමෙන් ගැලවිය නොහැකිය.