தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ලාංකික විද්‍යාඥයන් කණ්ඩායමකගෙන් කොරෝනා සුවකළ හැකි ඖෂධ සැලසුමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලාංකික විද්‍යාඥයන් කණ්ඩායමකගෙන් කොරෝනා සුවකළ හැකි ඖෂධ සැලසුමක්



කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන හා අණුක ජීවවිද්‍යා ආයතනයේ වෛද්‍ය සමීර ආර්. සමරකෝන්ගේ නායකත්වයෙන් යුතු විද්‍යාඥයන් කණ්ඩායමක් කොවිඩ් -19 රෝගය සුව කිරීම සඳහා යොදාගත හැකි ඖෂධ සැලසුමක් පරිගණකය හරහා නිර්මාණයකර තිබේ.

එය සැලසුම්කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ ඖෂධ පරිපාලන (FDA ) ආයතනය විසින් අනුමත ඖෂධ යොදාගෙනයි.

මෙම විද්‍යාඥයන් කණ්ඩායමට වෛද්‍ය සමීර ආර්. සමරකෝන්ට අමතරව වෛද්‍ය කනිෂ්ක සේනාතිලක, මහාචාර්ය කමනි තෙන්නකෝන් ඇතුලත් වේ. ඔවුන් ඉදිරියේදී මෙම සොයාගැනීම ලොවට හඳුන්වා දීමට නියමිතය. වෛද්‍ය සමරකෝන් පවසා ඇත්තේ චීන බලධාරීන් කැමැත්තක් දක්වන්නේ නම් චීන වෛද්‍යවරුන්ට මෙම ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොදාගත හැකි බවයි.

දැනට ලොව පුරා විද්‍යාඥයන් කොවිඩ් -19 ආසාධිත රෝගීන් සුව කිරීම සඳහා ඖෂධයක් සොයාගැනීම වෙනුවෙන් වෙහෙසෙමින් සිටියි.

පෙබරවාරි 11වන දින ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් මෙම වයිරසය කොවිඩ් – 19 ලෙස නම් කරන ලදී. මෙම වයිරසය හේතුවෙන් මේවනවිට 2100ක් පමණ මරණයට පත්වී ඇති අතර 75000ට පමණ වයිරසය වැළඳී තිබේ.