தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ලාභ උදෙසා තම ජීවිත බිලි නොගන්නා ලෙස ඉල්ලා ඉතාලි කම්කරුවන් වැඩ වර්ජනයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලාභ උදෙසා තම ජීවිත බිලි නොගන්නා ලෙස ඉල්ලා ඉතාලි කම්කරුවන් වැඩ වර්ජනයක



ඊයේ (25)ඉතාලි කම්කරුවන් විසින් වැඩවර්ජනයක් සිදුකරමින් ආණ්ඩුවට බලකර සිටියේ අත්‍යවශ්‍ය නොවන සේවා පවත්වා ගෙන යමින් කම්කරු ජීවිත අනතුරේ නොදමන ලෙසයි.

ඉතාලියේ මේවනවිට පැතිරයන කොරෝනා වයිරසය හේතුවෙන් ඊයේ වනවිට 7000ට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර ආසාදිතයින් 64000ක් පමණ වාර්තා වී තිබේ. මෙයටතේ ඉතාලියේ සියලු ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස දන්වා තිබේ.

නමුත් තවමත් අත්‍යවශ්‍ය නොවන සේවා සහ භාණ්ඩ නිෂ්පාදනය ඉතාලිය තුළ තවමත් නතර කර නොමැත. මිලියන ගණනක කම්කරුවන් පොදු ප්‍රවාහන සේවයේදී, කර්මාන්තශාලා තුළ, වැඩබිම් තුළ සහ කාර්යාල තුළ වසංගත තත්ත්වයට නිරාවණය වෙමින් දිනපතා රැකියා සඳහා යමින් සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් කම්කරුවන් අතර නොසන්සුන්තාවය වර්ධනය වී තිබේ. ඒ සමඟම පසුගිය සතිය පුරා ඉතාලියේ තැනින් තැන වෘත්තීය සමිති විසින් පුද්ගලික ආරක්ෂක උපකරණ ඉල්ලා සහ නිෂ්පාදනය නැවැත්විය යුතු බවට වන උද්ඝෝෂණ සංවිධානයකර තිබුණි. .

එහෙත් රටේ වාණිජ මණ්ඩලය වන කොෆින්ඩස්ට්‍රියාව, තම සමාගම් විවෘතව තිබිය යුතු බවට ආණ්ඩුවට බලපෑම් කරමින් සිටින බව වෘත්තීය සමිති පවසයි.
වෘත්තීය සමිති කිහිපයක් විසින් කැඳවන ලද ඊයේ පැවති මහා වැඩ වර්ජනය සිදුවන්නේ මෙම තත්ත්වය තුළ ය.

ඊයේ ඉතාලියේ පවතී වර්ජනයේ ප්‍රධාන ඉල්ලීම වූවේ අත්‍යවශ්‍ය නොවන සේවා සහ නිෂ්පාදන පවත්වා ගෙන යමින් කම්කරු ජිවිත අනතුරේ නොදමා එම සමාගම්වල වැඩකටයුතු නවතා දමන ලෙසයි.