தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ලිට්‍රෝ සහ ලාෆ් නීතියට පටහැනි ලෙස ගෑස් මිල ඉහළ දමයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලිට්‍රෝ සහ ලාෆ් නීතියට පටහැනි ලෙස ගෑස් මිල ඉහළ දමයි!



ගෘහස්ත ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ දැමීමට අල්ලා සිටියද ඊට ඉඩ නොදෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළ නමුත් මේ වනවිට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකම සිය පාරිභෝගිකයන් වෙත ගෑස් සිලින්ඩර නිකුත් කිරීමේදී මිල වැඩිකර ඇත.

එම සමාගම් විසින් අලෙවි කරන ගෘහස්ත භාවිතයට ගන්නා LP ගෑස් මිල වැඩි කිරීමේදී වංචනික ක්‍රමයක් අනුගමනය කර ඇත. එනම් මේ දක්වා පැවති කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ බර දක්වනවා වෙනුවට අඩංගු ගෑස් පරිමාව ලීටර් මගින් සිලින්ඩරයක් වෙළඳපොළට හඳුන්වා දීමයි. එසේ හඳුන්වාදෙන ගෑස් සිලින්ඩරයෙන් එම සමාගම් විසින් ගෑස් මිල වැඩිකර ඇත.

බස්නාහිර පළාතට අදාළව නිල මිල ගණන් අනුව, මින් පෙර ලීටර් 12.5 සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1493/= ක් විය. නමුත් ඒ සිලින්ඩරයේ පරිමාව අනුව ගෑස් ලීටර 24.5 ක් විය. නව සිලින්ඩරයක් ලීටර 18ක් පරිමාවට හඳුන්වා දී ඇති අතර එය ඇත්ත වශයෙන්ම බරින් කිලෝග්‍රෑම් 9.18කි. ‘ලිට්රෝ ප්‍රීමියම් හයිබ්‍රිඩ්’ නමින් එය මේ වනවිට වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ රුපියල් 1,395 ක මිලය.

මේ හා සමාන්තරව ‘ලාෆ්’ ගෑස් සමාගම විසින්ද LP ගෑස් ලීටර් 18 ක සිලින්ඩරයක් රුපියල් 1,395 ක මිලකට හඳුන්වා දීමට සැලසුම්කර ඇත.
කෙසේවුවද පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත්වීමෙන් මෙම නව ගෑස් සිලින්ඩරය නීතියට පටහැනි තත්වයක් ඇතිකරන නිසා හඳුන්වා දී ඇති සිලින්ඩරය වෙලඳපලෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇත.