தமிழ்
English
Contact
Thursday 29th October 2020    
ලිසිං සමාගමක මැර පිරිසකගේ පහරදීමෙන් ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මරුට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලිසිං සමාගමක මැර පිරිසකගේ පහරදීමෙන් ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මරුට



ත්‍රිරෝද රියක් බලෙන් ආපසු ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගොස් පෞද්ගලික ලිසිං සමාගමක මැර පිරිසකගේ පහර දීමකට ලක්වූ ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ජයවර්ධනගේ සුනිල් පෙරේරා මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ සේවකයින් 8 දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

මිරිහාන පොලිස් වසමට අයත් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින් ත්‍රිරෝද රියක් සම්බන්ධ තොරතුරු විමසීමට පැමිණ ඇති අතර එහිදී මෙම ආරවුල ඇති වී තිබේ.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුලු කර සිටියදී මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පහර දීමෙන් ජිවිතක්ෂයට පත්වූ සුනිල් ජයවර්ධන එම කල්බදු ආයතනයේ නිලධාරින් සමග සිදුකළ සාකච්ජාවක වීඩියෝපටයක් නිකුත් කර ඇති අතර එයින් ඔහු ඉල්ලා ඇත්තේ ඒ කල් බදු ආයතන මැරයන් යොදා වාහන පැහැරගැනීම සිදු කිරීම නවත්වන ලෙසයි. ඊට අමතරව සුනිල් ජයවර්ධනට සිදුකළ පහරදීම යයි සැකකෙරෙන පෞද්ගලික ලීසිං සමාගමක් ඉදිරිපිට සිදුවන පහරදීමක් සම්බන්ධ වීඩියෝවක් ද සමාජ ජාලවල සංසරණය වෙමින් පවතියි.