தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ලේ බැංකුවට අවශ්‍ය ලේ දෙන්න අන්තරේ මැදිහත්වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලේ බැංකුවට අවශ්‍ය ලේ දෙන්න අන්තරේ මැදිහත්වෙයි



පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රෝහල්වල අධික රුධිර හිඟයක් උද්ගතව ඇති බව පසුගියදා වාර්තා විය. ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසුන් පිරිසක් ඇඳිරි නීතිය ඉවත්වූ අද දිනයේ ලේ බැංකුවට ගොස් ලේ ලබාදී තිබේ. එසේම මොහොතේ සමාජ වගකීමක් ඉටුකිරීම සඳහා ලේ පරිත්‍යාග කිරීම සඳහා එකතුවන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජාතික රුධිර බැංකුව සමඟ සම්බන්ධ කිරීම සඳහා දුරකථන අංක කිහිපයක්ද අන්තර් විශ්ව විද්‍යාලය සඳහන් කර ඇත.

අමතන්න – ජිනරතන හිමි – 071 6 067 106
උදාර – 071 3 808 980
අමන්දිකා – 071 7 301 555