Posted on 12.12.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලොව මේ දක්වා හමුව ඇති විශාලතම ස්වභාවික නිල් මැණික(Sapphire)මෙරටින් හමු වූ බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි.
මේ වනවිට ‘ආසියාවේ රැජින’ ලෙස නම් කර ඇති මෙම නිල් මැණික පුද්ගලික ආයතනයක් සතුව හොරණ ප්රදේශයේ නිවසක තැන්පත් කර ඇත.
බරින් කැරට් 1,550,000 ක් (කිලෝ 310 ක්) පමණ වන මෙම මැණික තනි පාෂාණයකින් නිර්මාණය වීම විශේශත්වයක් බව ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කළේ, එම මැණික් ගල කැරට් පහලොස් ලක්ෂ පනස් දහසක වටිනාකමින් යුක්ත බවය.