தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ලොව පළමු DNA කොවිඩ් එන්නත ඉන්දියාව තුළ හදිසි භාවිතයට අනුමැතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලොව පළමු DNA කොවිඩ් එන්නත ඉන්දියාව තුළ හදිසි භාවිතයට අනුමැතිය



කොරොන වයිරසයට එරෙහි ලොව ප්‍රථම ඩීඑන්ඒ එන්නත වන සයිඩස් කැඩිලා (zydus cadila) කොවිඩ් -19 එන්නත සඳහා ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරියේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව වයස අවුරුදු 12 සහ ඊට වැඩි වැඩිහිටියන් හා ළමුන් සඳහා මෙම එන්නත ලබා දීමට නියමිතය.

සමහර ප්‍රාන්තවල වෛරසය පැතිරීම පාලනය කිරීමට නොහැකි වී ඇති බැවින් 18 ට අඩු ළමයින් සඳහා මෙමගින් පළමු එන්නත ලබා දෙනු ඇත.

ප්‍රතිශක්ති පද්ධතිය හඳුනාගෙන ප්‍රතිචාර දක්වන නිශ්චිත ප්‍රෝටීන් සෑදීම සඳහා ඩීඑන්ඒ හෝ ආර්එන්ඒ ලෙස උපදෙස් ලබා දෙන වෛරසයෙන් ලබාගත් ජානමය ද්‍රව්‍යමය කොටසක් ZyCoV-D එන්නතට භාවිතා කරන බව පැවසේ.

කැඩිලා හෙල්ත්කෙයා සමාගම එන්නත් මිලියන 100-120ක් වහා නිපදවීමට කටයුතු කර ඇත.