தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
ලොව පුරා ප්‍රතිගාමීන්ගේ ප්‍රතිමා බිඳ දමද්දී ජර්මනියේ ලෙනින් ප්‍රතිමාවක් ස්ථාපිත කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලොව පුරා ප්‍රතිගාමීන්ගේ ප්‍රතිමා බිඳ දමද්දී ජර්මනියේ ලෙනින් ප්‍රතිමාවක් ස්ථාපිත කෙරේ!



ව්ලැදිමීර් ඉල්යිච් ලෙනින්ගේ පිළිරුවක් සිය පක්ෂ මූළස්ථානය ඉදිරිපිට ස්ථාපිත කිරීමට ජර්මනියේ මාක්ස් ලෙනින්වාදී පක්ෂය (MLPD) කටයුතු කර ඇත.

ජර්මනියේ බටහිර පිහිටි ගෙල්සන්ක්‍රිෂන් නගර ප්‍රධානින් මෙම පිළිරුව ස්ථාපිත කිරීම වැළැක්වීමට කටයුතුකර ඇති නමුත් අධිකරණය විසින් ඒම විරෝධතා ප්‍රතික්ෂේපකර ඇත. ලොව පුරා පිළිම බිඳ දමන සමයක මෙම ’20 වැනි සියවසේ ආඥාදායකයා’ සැමරීමේ ක්‍රියාව අනුමත කළ නොහැති බවට නගරයේ ඇතැම් දේශපාලකයන් ප්‍රකාශ කර ඇත. ඒහෙත්, වහල් වෙළඳුන්ගේ හා ප්‍රතිගාමී නායකයන්ගේ ප්‍රතිමා බිඳ දමන්නේ ජනතාව විසින් බවද අනාගත ලෝකය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ශ්‍රේෂ්ඨයකුගේ පිලිරුවක් ස්ථාපිත කිරීම ඒ් හා සමාන වැදගත්කමක් දරන බව MLPD නියෝජිතයන් ප්‍රතිචාර දක්වා ඇත.

1989 ජර්මනියේ බර්ලින් තාප්පය බිඳ දමා ඒක්සත් වීමෙන් පසුව නැගෙනහිර ජර්මන් ජනරජයට අයත් ප්‍රදේශවල කොමියුනිස්ට්වාදී නායකයන්ගේ ප්‍රතිමා බිඳ දමන ලදී. සෝවියට් දේශය 1991 බිඳ වැටීමෙන් පසුව සමාජවාදී කඳවුරේ සෙසු නැගෙනහිර යුරෝපා රාජ්‍යයන්ද බිඳවැටුනු අතර ලෙනින්, මාක්ස් වැනි ප්‍රකට කොමියුනිස්ට්වාදීන්ගේ පිළිම හා වෙනත් කොමියුනිස්ට් ස්මාරක විනාශ කර දමන ලදී.

කෙසේ වෙතත් 2008 ඒක්සත් ජනපදයේ සිට ලොව පුරා ව්‍යාප්තවන ආර්ථික අර්බුදය හමුවේ මාක්ස්, ඒංගල්ස් ඇතුලු කොමියුනිස්ට් ලේඛකයන්‌ගේ පොත් පත් මෙන්ම අදහස් නැවත අවධානයට ලක් විය. ‘ප්‍රාග්ධනය’ කෘතිය වැඩිම අලෙවිය ඇති කෘතියක් බවට පොත් ප්‍රකාශයන්ද පවසන ලදී.

මේ අනුව, ජර්මනියේ මාක්ස් ලෙනින්වාදී පක්ෂය විසින් ලෙනින් පිළිරුවක් ස්ථාපිත කිරීම මෙසේ සලකුණු කරන්නේ ලොව පුරා සිදුවෙමින් පවතින වෙනස්කම්වල නිරූපනයක් ලෙසය.