தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ලෝකඩවුන් ගැන ජුනි 14තෙක් ලැබෙන දත්ත අනුව තීරණය කරනවා - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝකඩවුන් ගැන ජුනි 14තෙක් ලැබෙන දත්ත අනුව තීරණය කරනවා – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ



ජූනි මස 14 වන දින තෙක් වාර්තා වන කොවිඩ් දත්ත මත පදනම් ව ඉදිරියේ දී රට තුළ සංචරණ සීමා තවදුරටත් පවත්වන්නේ ද යන තීරණය රජය විසින් ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා තිබේ.

ඊයේ (09) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය එම අදහස් පළ කර තිබේ.

කෙසේවෙතත් පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් හා කොවිඩ් මරණවල සියයට 28ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඇය වැඩිදුරටත් පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇත්තේ ලෝකඩවුන් කර තවම සති දෙකක් වීම හේතුවෙන් කාලයට පෙර වෛරසය ශරීර ගතවූ රෝගීන් දැනට වාර්තා වෙමින් තිබෙන නිසා තවත් කාලයක් බැලිය යුතු බවයි.