தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ලෝකයේ දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඉන්දියාවෙන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝකයේ දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඉන්දියාවෙන්



කොවිඩ් වසංගතයේ ආරම්භයෙන් පසු රටකින් නිවේදනය කළ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වූ 6, 138ක් පසුගියදා (09) ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවක් පෙන්වමින් සිටි ඉන්දියාව ඊයේ යළිත් ගෝලීය සංඛ්‍යාල්ඛනවල ඉහළට පැමිණියේ බිහාර් ප්‍රාන්තයේ කොවිඩ් මරණ ගණන සංශෝධනය කිරීමත් සමගයි.

මින් පෙර පළවූ නිල වාර්තාවලට අනුව කොවිඩ් වසංගතය තුළ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වූ මුළු මරණ ගණන 5,500ක් වේ.

නමුත් ඊයේ මරණ ගණන සංශෝධනය කිරීමත් සමග පැවති මරණ සංඛ්‍යාවට තවත් මරණ 3,951 එක් කර ඇත. ඉන්දීය බලධාරීන් පවසන්නේ මීට පෙර ගණනය කිරීමට බැරිවූ මෙම මරණ ප්‍රමාණය ඊයේ දිනයේ මරණ ප්‍රමාණයට එක් කළ බවයි.

කෙසේවෙතත් මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් මරණ 359,676ක් වාර්තා වී තිබේ.