தமிழ்
English
Contact
Friday 14th August 2020    
ලෝකයේ මාධ්‍ය නිදහස පිළිබඳ අන්තර්ජාල සම්මන්ත්‍රණයක්! - දේශසීමා නැති මාධ්‍යවේදියෝ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝකයේ මාධ්‍ය නිදහස පිළිබඳ අන්තර්ජාල සම්මන්ත්‍රණයක්! – දේශසීමා නැති මාධ්‍යවේදියෝ



‘දේශසීමා නැති මාධ්‍යවේදියෝ'(RSF) සංවිධානය විසින් වාර්ෂිකව නිකුත්කරන ‘මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය'(2020 Press Freedom Index) ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් අන්තර්ජාල සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබේ.

ලංකාවේ වෙලාවෙන් අප්‍රේල් 21 වැනි අඟහරුවාදා රාත්‍රි 9.30ට (6.00 PM CEST) ඉංග්‍රීසි බසින් ‘ෆේස්බුක්’ ඔස්සේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ තේමාව වන්නේ ‘ජනමාධ්‍යවේදය අර්බුදයක- තීරණාත්මක දසකයක්'(JOURNALISM IN CRISIS : THE DECISIVE DECADE) යන්නය.

RSF ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය කෙරෙන මෙම අන්තර්ජාල සම්මන්ත්‍රණයේ කතිකයන් ලෙස සහභාගි වන සම්පත්දායකයන් මෙසේය.

  • මාධ්‍යවේදිනියක හා ලේඛිකාවක්වන මාරියා රේසා – (සමායෝජිකා)

  • අමෙරිකන් රාජ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණකරු, ‘පුවත්පත් නිදහස පදනමේ’ සභාපති, එඩ්වඩ් ස්නෝඩන්

  • ආර්ථික විද්‍යාව සඳහා 2001 වසරේ නොබෙල් සම්මානලාභී, ජෝශප් ඊ. ස්ටිග්ලිට්ස්

  • වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී සහ ලේඛක, රානා අයුබ්

  • ‘RSF’ සංවිධානයේ ප්‍රධාන ලේකම්, ක්‍රිස්ටොප් ඩිලොරෙ