Posted on 07.31.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම මැණික රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ළිඳක් කැණීමේ දී හමුවූ බවට ප්‍රසිද්ධ වූ පුවත අසත්‍ය කරුණු මත පදනම් වී ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් තිබේ.
රත්නපුරය හා මැණික් සම්බන්ධව වර්තා කිරීමේ අත්දැකීම් පරපූර්ණ මාධ්‍යවේදියෙකුවන ධර්මප්‍රිය ලියනආරච්චි සති අන්ත ජාතික පුවත්පතකට වාර්තාවක් සපයමින් මේ බව අනාවරණය කර ඇත.
අදාළ මැණික ලංකාවේ විශාලතම මැණික බව කියවුණ ද රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන්ම ඒ සම්බන්ධව දක්වන අදහස්වලින් මෙය මැරුණු ගලක් ලෙස හඳුන්වා දී තිබීමත් නිසා කිලෝ 510ක මෙම මැණික් ගල රුපියල් කෝටි 2000ක් වටින්නේ ද යන සැකය මතු වී ඇත.
කෙසේ වෙතත් මෙම චෝදනා නිශ්චිත ලෙස බැහැර කළ හැක්කේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ බලධාරින්ටයි . අදාළ ලිපිය මගින් මහා විශාල වටිනාකමක් ඇති බව කියූ මෙම මැණික කලක් බටුගෙදර පිහිටි ජෙම් බෑන්ක් ජෙම් මියුසියම් හි මිදුලෙ තබා තිබූවක් බවට ද ඉගි පළ කර ඇත.
ඊට අමතරව දිවයින පුවත්පත වාර්තා කර ඇති පරිදි මෙම ගල පසුගිය වසරේ හමුවූවකි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් 2020.12.06 වනදා ලබාදුන් සහතිකයකින් ඒ බව අනාවරණය වී තිබේ.