தமிழ்
English
Contact
Monday 8th March 2021    
ලෝකෙන්ම අලි මරණ වැඩිම රට ලංකාව - කෝපා කමිටුවේදී හෙළිවෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝකෙන්ම අලි මරණ වැඩිම රට ලංකාව – කෝපා කමිටුවේදී හෙළිවෙයි



අලි මිනිස් ගැටුම හේතුවෙන් ලෝකයේ වැඩියෙන්ම අලි මරණ වන රට ශ්‍රී ලංකාව බව පසුගිය දෙසැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

අලි මිනිස් ගැටුම හේතුවෙන් 2019 වසරේදී මිනිස් ජීවිත 122ක් හා අලි ඇතුන් 407ක් අහිමිව ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙන අතර අලි මිනිස් ගැටුම පිළිබඳ වූ විශේෂ විගණන වාර්තාවකින් මේ කරුණු හෙළි කර ගෙන තිබේ.

එම විශේෂ විගණන වාර්තාව ලබන 23 වැනිදා නැවතත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ ආචාර්ය ප්‍රීත්විරාජ් ප්‍රනාන්දු විසිනි.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මිය යන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272ක් වුවද පසුගිය වසර තුළදී අලි ඇතුන් 407 දෙනකු මිය ගොස් ඇති බවද ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය. අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85ක් වුවද 2019 වසරේ මිනිසුන් 122 දෙනකු මිය ගොස් ඇති බවද හෙළිව ඇත.