தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
ලෝක අධිරාජ්‍යවාදී කඳවුරු අතර යුද්ධයක අනතුරක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝක අධිරාජ්‍යවාදී කඳවුරු අතර යුද්ධයක අනතුරක්!



මැදපෙරදිග ආරම්භ වී ඇති යුද පසුබිම මැද අමෙරිකාවට එරෙහිව කටයුතු කිරීම සඳහා තමන්ගේ සහාය ඉරානයට හිමිවන බව රුසියාව පවසයි.

ඇතිව තිබෙන යුද සූදානම තුළ, යුද්ධයක් නිර්මාණය වුවහොත් එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑමේ අවදානමක් පවතින බවට ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරනවා.

මෑත මැදපෙරදිග ඇතිවූ විවිධ යුද ගැටුම්වලදී එක්සත් ජනපදය ප්‍රමුණ බටහිර බලවතුන් එක් පැත්තක් ගනිද්දී රුසියාව හා ඉරානය එහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට සහාය දුන් බව ප්‍රකට කාරණයකි. විශේෂයෙන්ම, සිරියාවේ අයි.එස්. සන්නද්ධ කණ්ඩාමට එරෙහි සටනේ දී රුසියාව මෙන්ම ඉරානය සිරියානු රජයට සහාය දක්වන ලදී.

ඉරාන හමුදා ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඇමෙරිකන් ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයෙන් මියගිය අවස්ථාවේදී, රුසියානු රජය ඉරානයට සිය කනගාටුව හා සහයෝගය පළ කරන ලදී. එහිදී සුලෙයිමානි ඉරාන ජනතාව වෙනුවෙන් කැපවුණු සැබෑ දේශප්‍රේමියකු යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් හඳුන්වා දෙන ලදී.