தமிழ்
English
Contact
Sunday 20th January 2019    
ලෝක කුසලාන පාපන්දු අවසන් තරගය කොඒෂියාව හා ප්‍රංශ අතර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝක කුසලාන පාපන්දු අවසන් තරගය කොඒෂියාව හා ප්‍රංශ අතර



කොඒෂියාව හා ප්‍රංශ කණ්ඩායම් අතර 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය අද දින පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ  රුසියාවේ මොස්කව්හි පිහිටි ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදීය. එම ක්‍රීඩාංගණයේ තරගය නැරඹීම සදහා 81000 කට ආසන පහසුම් ඇති බව දැක්වේ.

ඊයේ පැවැති අර්ධ අවසන් තරගයෙන් එංගලන්තය පරාජය කරමින් කොඒෂියා කණ්ඩායම අවසන් තරගලයට සුදුසුකම් ලබා ගත් අතර ප්‍රංශ කණ්ඩායම හමුවේ බෙල්ජියනු කණ්ඩායම පරාජයට පත්විය.

ඒ අනුව අවසන් තරගය ප්‍රංශ කණඩායම හා කොඒෂියා කණ්ඩායම අතර අද දින පැවැත්වීමට නියමිතව තිබේ.

ඊයේ පැවැති බෙල්ජියම හා එංගලන්තය අතර තරගයෙන් එංගලන්ත කණ්ඩායම 2-0ක්ප ලෙස පරාජය කරමින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට බෙල්ජියානු කණ්ඩායම සමත්විය.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පවත්වනු ලබන්නේ 21 වැනි වරටය. පසුගිය ජුනි මස 14 වැනි දින සිට ජූලි මස 15 දින දක්වා පුරා මාසයක් රුසියාවේ නගර ගණනාවක මෙවර පාපන්දු තරගාවලිය පවත්වනු ලැබීය.

ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරන්නේ රුසියානු බලධාරීන් මෙවර තරගාවලිය සංවිධානය කිරීමේ කටයුතු ඉතා මැනවින් කර තිබෙන බවකි.

නමුත් තරගාවලිය ආරම්භවීමට පෙර රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක හා පසුගිය කාලයේ එරට ක්‍රීඩක ක්‍රීඩිකාන්ට එරෙහිව තහනම් උත්තේජක භාවිතා කිරීම්ට අදාලව රුසියානුවන්ට එරෙහිව නොයෙකුත් අපවාද එල්ල කෙරිනි.

මෙම තරගාවලිය පිළිබදව යම් කුකුසක් ජාතන්තරව ගොඩ නැගීමට බටහිරට ලැදී පිරිස් විසින් උත්සාහ කරන ලදී. නමුත් අද වන විට ඒ  සියලු දේ අභිබවා 2018 පාපන්දු තරගාවලිය සාර්ථකව පැවැත්වීමට රැසියානුවන් සමත්විය.