தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
ලෝක මානව හිමිකම් දිනයේදී, ලංකාවේ මානව අයිතින් රකින ලෙස සාමුහික විරෝධතාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝක මානව හිමිකම් දිනයේදී, ලංකාවේ මානව අයිතින් රකින ලෙස සාමුහික විරෝධතාවක්!



දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන ලෝක මානවහිමිකම් දිනයේදී ලංකාවේ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ විරෝධතාවක් පැවැත්වීමට සංවිධාන කිහිපයක් එක්වූහ.

ඊයේ(10) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සංවිධානය කළේ සම අයිතිය ව්‍යාපාරය, දේශපාලන සිරකරුවන් නිදහස්කරගැනීමේ ව්‍යාපාරය සහ ජාතිවාදී ජනපදකරණයට එරෙහි ව්‍යාපාරය විසිනි. ඊට අමතරව උතුරේ ජනතා සංවිධාන මෙන්ම වෙනත් බහුජන සංවිධාන රැසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

විරෝධතාවයේදී ප්‍රධාන සටන් පාඨ ලෙස පහත තේමා පාඨ යොදාගනු ලැබ තිබිණි.

  • දේශපාලන සිරකරුවන් නිදහස් කරනු.
  • ජාතිවාදී ජනපදකරණයට එරෙහි වෙමු.
  • අතුරුදන්වුවන්ට සාධාරණත්වය ඉෂ්ට කරනු.
  • සියලු මර්දන නීති වහා අහෝසි කරනු.
  • වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1500ක් කරනු.