தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ලෝක වෙළඳ පොළේ ගෑස් මිල වැඩිවීම ගැන අධ්‍යනය කරමින් ඉන්නෙ - බන්ධුල ගුණවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝක වෙළඳ පොළේ ගෑස් මිල වැඩිවීම ගැන අධ්‍යනය කරමින් ඉන්නෙ – බන්ධුල ගුණවර්ධන



ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ සඳහා මේ වනතෙක් අනුමැතිය ලබාදී නොමැති අතර මිල ගණන් අධ්‍යයන කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මගින් ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක පවසා සිටියේ මේ දක්වා ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.

ලාෆ් සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ මාර්තු, අප්‍රේල්, මාසවලදී ලෝක වෙළඳපොලේ පැවති මිල ගණන් වලට අනුව අවම වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 540 කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බවයි.

තවද ලිට්රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ , අවම වශයෙන් රුපියල් 580 ක මිල වැඩිවීමක් අවශ්‍ය බවයි.