Posted on 04.18.2020 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් 2021 වසරට නියමිතව තිබුණු ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීමට ලෝක මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.
2021 වසරේ අගෝස්තු මස 6 වැනිදා සිට අගෝස්තු මස 15 වැනිදා දක්වා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් ලොව පුරා මේ දින වල පවතින කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ පැරාඔලිම්පික් තරගාවලිය 2021 වසරේ අගෝස්තු දක්වා ගල්දමා ඇත. එම හේතුව නිසා ලෝක මලල ක්‍රීඩා තරග එම කාලයේම පැවැත්වීම ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට කෙරෙන අසාධාරණයක් බැවින් එය 2022ට කල් දමා ඇත.
ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය දෙවසරකට වරක් පැවැත්වෙන අතර මෙවර එය 2022 වසර දක්වා කල් දැමීමට සිදු වීම විශේෂ සිදුවීමකි.