தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
වංචා හෙළි කළ මාධ්‍යවේදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හෙළා දකිමු ! - මාධ්‍ය සංවිධාන එකමුතුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වංචා හෙළි කළ මාධ්‍යවේදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හෙළා දකිමු ! – මාධ්‍ය සංවිධාන එකමුතුව



වංචා දූෂණ හෙළිදරව් කිරීම මාධ්‍යවේදින් විසින් සිදු කළ පසුව අදාළ වංචනිකයන් හෝ දූෂිතයන් සම්බන්ධ නීතිමය කටයුතු නොකර සත්‍ය හෙළිකරන මාධ්‍යවේදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකතුව පවසයි.

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන විසින් සුදු ලූනු වංචාව ඇතුළු වංචා පිළිබඳව අනාවරණය කළ පසුව එය වාර්තා කළ ලංකාදීප, දිවයින හා ද අයිලන්ඩ් පුවත්පත්වල මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම දැඩිසේ හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකමුතුව පවසයි.
තවදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම තත්වය දූෂිතයන් ආරක්ෂා කිරීමට හා, දූෂණ හෙළිදරව් කිරීම වැළැක්වීමට ද දරන ලද නිර්ලජ්ජිත උත්සාහයක් බවය.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්, ධර්මසිරි ලංකාපේලි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, සීතා රංජනී, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, දුමින්ද සම්පත්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති, එන්.එම්.අමීන්, දෙමළ මාධ්‍ය සංසදයේ ලේකම්, කනපතිපිල්ලේ සර්වානන්ද සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි වශයෙන් මාධ්‍ය සංවිධාන 6ක මූලිකයන්ගේ අත්සනින් යුතුවය.