தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
වජිරගේ කැබිනට් පත්‍රිකාවට මෛත්‍රී දෙවන වරටත් විරෝධය දක්වයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වජිරගේ කැබිනට් පත්‍රිකාවට මෛත්‍රී දෙවන වරටත් විරෝධය දක්වයි



සංවර්ධන කමිටු සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ.

එම යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද විරෝධය පළකර තිබේ.

සංවර්ධන කමිටු සභාපතිධූර දරන මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා පළාත් පාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

මෙම කැබිනට් පත්‍රිකාව මීට සති කිහිපයකට පෙරද අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර එහිදීද ජනාධිපතිවරයා විරෝධය හේතුවෙන් එය කල් දැමිණි.

සංවර්ධන කමිටුවල සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනෙකුට මෙම දීමනාව ගෙවීමට අනුමැතිය ඉල්ලා ඇති බවද වාර්තාවේ.

එහිදී අදහස් දක්වා ඇති ඇමැති වජිර අබේවර්ධන පවසා ඇත්තේ සංවර්ධන කමිටු සභාපති ධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසය වන විට තෙක්ම මෙම දීමනාව ගෙවා ඇති බවයි.