தமிழ்
English
Contact
Sunday 31st May 2020    
‘වතුකම්කරුවන්ට කෝ නිදහසක්?’ - වතුකම්කරු මධ්‍යස්ථානය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘වතුකම්කරුවන්ට කෝ නිදහසක්?’ – වතුකම්කරු මධ්‍යස්ථානය



‘වතුකම්කරුවන්ට කෝ නිදහසක්?’ තේමාව යටතේ උද්ඝෝෂණයක් හා බහුජන සමුළුවක් (අද)4 දින කොළඹදී පැවැත්වීමට ‘වතුකම්කරු
මධ්‍යස්ථානය’ සැලසුම්කර ඇත.

වතුකරයේ ජනතාව වසර 200කට වැඩි කාලයක් තිස්සේ තමන්ගේම වූ ඉඩමක අයිතිය නොමැතිව රජයේ හා පෞද්ගලික වතු සම්ගම්වල පාලනයට යටත්ව ජීවත්වේ. මේ නිසාම ඔවුන්ට බොහෝ ආර්ථික හා දේශපාලන අයිතිවාසිකම් අහිමි වී තිබේ. වතුකරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස සැලකීමේ නීතිමය රාමුව නිසා සිවිල් පරිපාලන අයිතීන් ඔවුන්ට අහිමි කිරීමත් ඒ අතර ප‍්‍රධාන වේ. වතු කම්කරුවන් තවමත් සිටින්නේ දිනක අවම මූලික වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලා සිටින අඛණ්ඩ අරගලයකය. 2015දීත් 2019දීත් ජනාධිපති මැතිවරණ වේදිකාවල එය ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක් බවට පත්වූ නමුත් එය තවමත් ඉටුවී නැත. මෙම සියලූ කරුණු මුල්කරගෙන වතුකම්කරුවන්ගේ දැවෙන ආර්ථික හා දේශපාලන ඉල්ලීම් දිනා ගැනීම සඳහා පුළුල් බහුජන මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ ආරම්භක පියවරක් ලෙස අදදින මෙම බහුජන සමුළුව පවත්වන බව වතුකම්කරු මධ්‍යස්ථානය පවසයි.