தமிழ்
English
Contact
Friday 22nd November 2019    
වතුකම්කරුවන්ට 50ක් දෙන්න, මහජන මුදල් සමාගම්වලට බෙදයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතුකම්කරුවන්ට 50ක් දෙන්න, මහජන මුදල් සමාගම්වලට බෙදයි



වතුකම්කරුවන් සඳහා වැඩිකළ රුපියල් 50 ක දෛනික දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සමාගම්වලට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම ප‍්‍රතිපාදන ලබාදීම සඳහා මැදිහත්වන බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ ඊයේ (30) රැස්වූ කැබිනට් රැස්වීමේදී එකඟ වූ බව සභානායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී අද (31) පැවැසීය .

වතුකම්කරුවන් සඳහා ලබාදෙන බව කී රුපියල් 50 ක දෛනික දීමනාව දිගින් දිගටම ප‍්‍රමාදවන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන කළ චෝදනාවකට පිළිතුරු ලෙස මේ බව අනාවරණය කෙරිනි.