தமிழ்
English
Contact
Saturday 23rd November 2019    
වතුකම්කරු අරගලය වෙනුවෙන් ඔක්.29 එක්වන්න! - වතුකම්කරු මධ්‍යස්ථානය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතුකම්කරු අරගලය වෙනුවෙන් ඔක්.29 එක්වන්න! – වතුකම්කරු මධ්‍යස්ථානය




ඔක්තෝබර් 29 යෙදෙන වතු කම්කරු ජනතාවගේ ඉඩම් හා නිවාස දිනාගැනීමේ දිනය මූලික කරගෙන බණ්ඩාරවෙල නගරයේ පැවැත්වෙන විරෝධතාව සඳහා කටයුතු සූදානම්ව පවතින බව ‘වතුකම්කරු මධ්‍යස්ථානය’ පවසයි.

2014 ඔක්තෝබර් 29 වැනි දින මිරියබැද්ද, කොස්ලන්ද වතු නිවාස නායගිය අතර එහිදී ජීවිත 34ක් පණපිටින් වැලලූණි. එම ඛේදවාචකය සිහිකරමින් 2016 දී ඔක්තෝබර් 29 ‘වතුජනයාගේ ඉඩම් හා නිවාස අයිතිය දිනා ගැනීමේ දිනය’ නම් කළේ වතුකම්කරු මධ්‍යස්ථානය විසිනි. මීරියබැද්ද ඛේදවාචකය වූ මොහොතේ දුන් පොරොන්දු අදටත් ලබාදි නැත. එවන් තත්වයක් හමුවේ මෙවර ජනාධිපතිවරණයේදී ධනපති පක්ෂවල අපේක්ෂකයන් විසින් නැවත පොරොන්දු මලුපිටින් ලබාදෙමින් ඇත. පොරොන්දුවලට නොරැවටී වතු කම්කරු ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ‘වතුකම්කරු මධ්‍යස්ථානය’ සංවාධානය කරන විරෝධතා ව්‍යාපාරය ඔක්තෝබර් 29 උදේ 10.00 ට බණ්ඩාරවෙල නගරයට එක්වන ලෙස එම මධයස්ථානය වතුකම්කරු ජනතාවටත් උනන්දුවක් දක්වන සියලු දෙනාටත් ආරාධනා කරයි.

වතුකම්කරුවන් වසර 200ක් තිස්සේ මෙරටට ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ඇතත් ඔවුන්ගේ මෙරට පුරවැසි අයිතිවාසිකම් තවමත් සම්පුර්ණ වී නැත. තමන්ගේම වූ ඉඩමක හා නිවාසක අයිතිය ඔවුන්ට නොමැත. සිවිල් අයිතිවාසිකම් පවා අහිමි ව ඉතාමත් අනාරක්ෂිත ලයින් කාමරවල ඔවුන් ජීවත් වන වතුකරයේ ජනතාව වතු වැවිලි වගාව විසින් සිදු කරන ලද උග‍්‍ර පරිසරය විනාශය හේතුවෙන් බොහෝමයක් වතු නිවාස නායයාමේ තර්ජනයකට මේ වන විට මුහුණ දී සිටිති.
ජීවත්වීමට සුදුසු ඉඩමක හා නිවසක් පිළිබඳ ඔවුන්ගේ අයිතිය තහවුරු කරන ලෙසත් ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම් සම්පුර්ණ කරන ලෙසත් රජයට බලකරමින් මෙවර එම දිනය වෙනුවෙන් ජනතා පෙත්සම් ව්‍යාපාරයක් සහ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට වතු කම්රු මධ්‍යස්ථානය විසින් කටයුතු කරමින් සිටියි.