தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
වතුකරයේ පක්ෂ තුනක් සන්ධානගත වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතුකරයේ පක්ෂ තුනක් සන්ධානගත වෙයි



ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ යන පක්ෂ තුනක් සන්ධාන ගත වී එයට අදාළ අවබෝධතා ගිවිසුම අද (11) අත්සන් තබා තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් අනුෂා සිවරාජා , ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්, ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් යි.කදිර් යන අය මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.

එම සන්ධානයේ නිල තල කිසිවක් කිසිදු පක්ෂයකට මෙතෙක් ලබා නොදී ඇති අතර එම සන්ධානයට මෙතෙක් නමක් තබා නොමැති බව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් පසුව කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවේදී ප්‍රභා ගනේෂන් පවසා ඇත. එසේම ඔහු පවසා ඇත්තේ මෙම සන්ධානය පිහිටුවීමේ අරමුණ දමිළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම බවයි.

මෙම මාධ්‍යය හමුවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් ද සහභාගී විය.