தமிழ்
English
Contact
Friday 16th April 2021    
වතු අධිකාරිවරුන් කම්කරුවන්ගෙන් ආරක්ෂා වීමට සන්නද්ධ බලය ඉල්ලති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතු අධිකාරිවරුන් කම්කරුවන්ගෙන් ආරක්ෂා වීමට සන්නද්ධ බලය ඉල්ලති!



මස්කෙළිය වතු සමාගමට අයත් ඕල්ටන් වතුයායේ විරෝධතාවකදී වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට පහරදුන් බව කියන සිදුවීමක් හේතුකොටගෙන වතු අධිකාරි සංගමය විසින් ආරක්ෂාව පතා සන්නද්ධ බලය ඉල්ලා ඇත.

මින් පෙර වතු අධිකාරිවරයා සහ සහකාර අධිකාරිවරයා විසින් වැඩ වර්ජනය කළ සේවකයන් සම්බන්ධ ත්‍රස්තවාදි චෝදනා නගා ඇත.

අද දින මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ තමන්ට ආත්මාරක්ෂාව සඳහා ගිනිඅවි භාවිතය පුහුණුකර අවි බලපත් ලබාදෙන ලෙසත් අවශ්‍ය අවස්ථාවල සහාය පිණිස සන්නද්ධ හමුදා ඛණ්ඩයන් අනුයුක්ත කරන ලෙසත් වතු අධිකාරිවරුන් ඉල්ලා ඇත. ඒපමණක් නොව, දේශපාලන පක්ෂ හා වෙනත් සංවිධානවලට වතු ප්‍රදේශවලට ඇතුළු වීමට අවසර නොදෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.

ඔ්ල්ටන් වතුයායේ සේවකයන් රු 1000ක අවම දෛනික වැටුපක් ඉල්ලා සිදු කළ වර්ජනයට සහාය ලබාගැනීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිනිලි කරමින් වර්ජනයේ ඉදිරි පෙළ කම්කරුවන්ගේ නම් ලබාදී තිබිණි. එදින සිට වතු පාලකයන් ඉවත්කරන ලෙස ඉල්ලා සේවකයෝ වැඩ වර්ජනයක නිරතව ඇති අතර වැටුප් නොමැති තත්වය නිසා ඔවුන්ගේ පවුල් දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.

පෙබරවාරි 18 වැනිදා වතු අධිකාරිවරයා හා සහකාර වතු අධිකාරිවරයා ඉවත් කරන ලෙස බල කරමින් කම්කරුවෝ වතුයායේ ක්‍රිඩාංගනයට රැස්ව විරෝධතාවක නිරත වූහ. එතැනට පැමිණි වතු අධිකාරිවරයා හා සහකාර අධිකාරිවරයා ගොම වතුරෙන්ලි නෑවීම නිසා පොලිසිය විසින් කම්කරු කාන්තාවන් 7 දෙනකු සහ පිරිමින් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.  වතු අධිකාරිවරයා සහ සහකාර අධිකාරිවරයා විසින් ඒ විරෝධතාව අතරතුර කම්කරුවන් පිරිසක් විසින් තමන්ට හිරිහැර කළ බවට පොලිසියට පැමිණිල්ලක් පදනම් කරගෙනය. අත්ඩංගුවට ගත් 9 දෙනා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇත. ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස වතු අධිකාරි සංගමය විසින් හඳුන්වා දී ඇත.

ත්‍රස්තවාදින් ලෙස චෝදනා ලැබ සිටින කාන්තාවන් 7 දෙනා ඇතුළු කම්කරුවන් 9 දෙනා තවදුරත් රිමාන්ඩ් භාරයට පත්කරන ලදී.