Posted on 03.22.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000ක් බවට නියම කරමින් ආණ්ඩුව විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් ඉල්ලා වතු සමාගම් 20ක් ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමට අභියාචනාධිකරණය තීරණයකර ඇත.
මෙම පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම පිණිස මාර්තු 26 වැනිදා පැමිණිලි පාර්ශ්වයට 26 වැනිදා අවස්ථාව ලබා දී ඇත.
වසර ගණනාවක් දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත්කරන ලෙස වතු කම්කරුවන් විසින් වතු පාලකයන්ට, වතු සමාගම්වලට හා ආණ්ඩුවට විවිධ ආයාචනා ඉදිරිපත් කළද එය සාර්ථක නොවීය. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව මැතිවරණ දෙකකදී දුන් පොරොන්දුව ඉටු කිරීම පිණිස කිසිදු විධිමත් ක්රමයක් අනුගමනය නොකළ නිසා වතු කම්කරුවන් දැඩි විරෝධතා ආරම්භ කරන ලදී. මේ තත්වය යටතේ ආණ්ඩුව විසින් හදිසියේ ගැසට් නිවේදනයක් මගින් තේ හා රබර් කම්කරුවන්ට අදාළ දෛනික වැටුප රු. 1000ක් ලෙස නියම කරන ලදී.
මෙම හදිසි නියෝගය ඉටු කළ නොහැකි බව වතු සමාගම් පාලකයන් දන්වා ඇත. වසර ගනනාවක් වකු කම්කරුවන් ඉල්ලා සිටි සහනය ලබාදීමට වගකිවයුතු පාර්ශ්ව කිසිවක් පියවර නොගැනීම නිසා නැවතත් කම්කරුවන් අසරණව පීඩාවට පත්ව ඇත. පාලකයන්ගෙන් හෝ වතු හිමියන්ගෙන් වතු කම්කරුවන්ට සහනයක් නැති බව පැහැදිලිය.
වතු කම්කරුවන්ට සිය යුක්ති සහගත අයිතිවාසිකම් හා වඩා යහපත් ජීවන තත්වයක් පිණිස වන මාවත ඇත්තේ සෙසු පීඩිත ජනයා සමග කරන අරගලයකින් පමණක් බව මෙයින් වඩා හොඳින් සනාථ වේ.