தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
වතු කම්කරුවන්ට රු 5000 සහ අහිමි කරන ලද වැටුප් ලබාදෙන්න - වතු කම්කරු මධ්‍යස්ථානය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතු කම්කරුවන්ට රු 5000 සහ අහිමි කරන ලද වැටුප් ලබාදෙන්න – වතු කම්කරු මධ්‍යස්ථානය



අඩු ආදායම් ලාභී පවුල් සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව වතු කම්කරු ජනතාවටත් ලබාදෙන ලෙස සහ අහිමි කරන ලද ඔවුන්ගේ වැටුප් නැවත ලබාදීමට මැදිහත් වෙන ලෙස වතු කම්කරු මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලා සිටියි. අඩු ආදායම් ලාභී පවුල් සඳහා රජයෙන් ලබාදෙන රු 5000 දීමනාව වතු කම්කරු පවුල් සඳහා ලබාදී නොමැති බව වතු කම්කරු මධ්‍යස්ථානය පවසයි. කම්කරු ඇමතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම සංවිධානය පවසන්නේ කොරෝනා වසංගතයේ පැතිරීමත් සමඟ කොළඹ වැනි නගරවල දෛනික වැටුපට වැඩ කළ වතු කම්කරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ද රැකියා අහිමිවී නැවත වතුකරය වෙත සංක්‍රමණය වී ඇති නිසා ඔවුන්ගේ වියදම් ඉහළ ගොස් ඇති බවයි.

මේ කිසිවක් නොසැලකුවවද සියයට සියයක්ම වතු කම්කරු පවුල් අඩු ආදායම් පවුල් ලෙස සැළකිය හැකි තත්ත්වයක් තිබියදී ඔවුන්ට රු 5000 දීමනාව ලබා නොදීම හෙළා දකින බව වතු කම්කරු මධ්‍යස්ථානය සඳහන් කර ඇත. එසේම වැඩ නොකරන දිනවලටද වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බව ආණ්ඩුව පෞද්ගලික සමාගම්වලට නියෝග කර තිබියදී ඇඳිරි නීතිය හේතුවෙන් වැඩ කිරීමට නොහැකිවූ දිනවලට අදාළ වැටුප් සමාගම් විසින් කපා දමා ඇති බව වතු කම්කරු මධ්‍යස්ථානය වැඩිදුරටත් මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත.

වතු කම්කරු මධ්‍යස්ථානය කම්කරු ඇමතිවරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.