தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
වතු කම්කරුවන්ට 1000 දෙන්න එපා ! - ලංකා සේවක සම්මේලනය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතු කම්කරුවන්ට 1000 දෙන්න එපා ! – ලංකා සේවක සම්මේලනය



වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 1000 ක දීමනාවක් ලබාදිය නොහැකි බවත් එම නිසා යෝජිත වැටුප් වැඩිකිරිම ක්‍රියාත්මක කිරිමෙන් වළකින ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා සේවක සම්මේලනය සඳහන් කරයි.

යෝජිත වැටුප් වැඩිකිරිම ප්‍රාදේශීය වතු සමාගම් වලට අනිවාර්ය කිරීම ලංකාවේ නීතියට පටහැනි වන අතර ඡාත්‍යන්තර කම්කරු සංවිධානයේ 98 වැනි සම්මුතියේ සඳහන් සාමුහික කේවල් කිරිම සිද්ධාන්තවලට පරස්පර වන බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය.

ලංකා කම්කරු කොංග්‍රසය ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය සහ ප්‍රාදේශීය වතු සමාගම් මේ වන විට සාමුහික ගිවිසුමකට අත්සන් තබා තිබෙන බවද එම ගිවිසුම 2021 වසරේ ජනාවාරි මාසය දක්වා බලපැවැත්වෙන බවද ලංකා සේවක සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ පැවසීය.

මෙම තත්වය යටතේ වතු කම්කරුවන් මහත් පීඩාවකින් මිදීමට අපේක්ෂාවෙන් සිටින දෛනික වැටුප 1000ක් කිරීම තවදුරටත් ප්‍රමාදවන ලකුනු පෙනේ. මෙම වැටුප් ගෙවීම රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ගෙවීමට තීරණයකර ඇති බවද එහි අරමුණ වතුකම්කරුවන්ට අවම වැටුප් ගෙවා ශ්‍රමසූරාකෑමක් සිදුකරන වතු හිමි කුවේරයන් වෙනුවෙන් ජනයාගේ බදු මුදල් වැය කිරීම බව පෙනේ.