தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
වතු කම්කරු දෛනික වැටුප 1000ක් කළොත් සමාගම් වහන්න වෙයි! - හර්ෂ ද සිල්වා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතු කම්කරු දෛනික වැටුප 1000ක් කළොත් සමාගම් වහන්න වෙයි! – හර්ෂ ද සිල්වා



ජනාධිපතිවරයා කළ නියෝග අනුව වතු කම්කරු දෛනික වැටුප රු. 1000ක් බවට පත් කළ හොත් වතු වැවිලි සමාගම් වසා දමන්නට සිදු වේ යැයි එ.ජා.ප. මන්ත්‍රි හර්ෂ ද සිල්වා පවසයි.

ඊයේ(19) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසන්නේ වතු ක්ෂේත්‍රයට අදාළ සාමුහික ගිවිසුම 2021 දක්වා වලංගු නිසා ජනාධිපතිවරයා කරන නියෝගවලින් වැටුප් ඉහළ දැමීම නෛතික වශයෙන් ඉටු කළ නොහැකි බවයි. එසේම ජාතික කම්කරු උපදේශක සභාව දිනේශ් ගුණවර්ධන ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී වතු සමාගම් මෙන්ම වතු කම්කරුවන්ගේ වෘත්තිය සමිති අදහස් දක්වා ඇත්තේ එම වැටුප් වැඩි කිරීමට එකඟ නොවන පදනමකින් බව මන්ත්‍රිවරයා පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වතු කම්කරුවන් මහමැතිවරණයේදී සමීපකරගන්නා අරමුණකින් කළ දෙයක් මිස ප්‍රායෝගිකව වතු සමාගම් විසින් නොකියන අධික ලාභ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට යොදවන්නට සූදානමක් නැති බව පැහැදිලිය. සමාගම් විසින් එයට එකග නොවන තත්වයකදී ආණ්ඩුවේ බදු ආදායමින් වැටුප් වැඩි කරමින් ජනතාව මත ඒ බරද පටවන්නට බව වතු කම්කරු මධ්‍යස්ථානය පවසයි.

‘වතු කම්කරු මධ්‍යස්ථානය’ විසින් මේ සම්බන්ධ අරගලය ඉදිරියට ගෙන යමින් තිබෙන අතර වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින, වාමාංශික පක්ෂ, වෘත්තිය සමිති, බහුජන සංවිධාන හා සිවිල් ක්‍රියාකාරිකයන් අයත් ‘1000 ව්‍යාපාරය’ මේ සම්බන්ධ ඉදිරි අරගලය වෙනුවෙන් පෙනී සිටී.