Posted on 04.07.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සියලු වතු කම්කරුවන් වෙනුවෙන් රජය පොරොන්දු වූ රුපියල් දහසේ වැටුප අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ..
වතු කම්කරු ජනතාවට රජය පොරොන්දු වූ රුපියල් දහසේ වැටුපට එරෙහිව වතු සමාගම් අධිකරණයට ගිය බවත් එම අධිකරණ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව එම වැටුප් වැඩි කිරීම ලබාදීම සඳහා අධිකරණය නෛතික අවසර දී ඇති බවත් ඇමැතිවරයා පැවසීය. ඒ අනුව වතු කම්කරු ජනතාව වෙනුවෙන් රුපියල් දහසේ වැටුප් වැඩිකිරීම ලබාදීම සඳහා සියලුම වතු සමාගම් නෛතිකව බැඳී සිටින බව ද අමාත්‍යවරයා පවසා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත. රුපියල් දහසේ වැටුප් වැඩිකිරීම ලබානොදෙන වතු රජයට පවරා ගැනීමක් සිදු නොවන අතර එම වැටුප් වැඩිකිරීම ලබාදීම වෙනුවෙන් සියලුම වතු සමාගම් නෛතිකව බැඳී සිටින බව ද ඇමැතිවරයා පවසා තිබේ.
තේ සහ රබර් වතු කම්කරුවන්ට ගෙවිය යුතු දෛනික අවම වැටුප රුපියල් 1,000ක් බවට නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20ක් සහ විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට පසුගියදා (05) තීරණය කළ අභියාචනාධිකරණය එහි වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබේ. නමුත් මෙම පෙත්සමේ තීරණය ලැබෙන තුරු වතු කම්කරු වැටුප 1000 ක් ලබාදීමේ තීරණ නවත්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස වූ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මැයි මස පස්වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන්ට නියම කෙරිණ.
වතු කම්කරු වැටුප රු 1000ක් කිරීමේ තීරණය පසුගිය මාර්තු 5වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුනද වතු සමාගම්වල මෙම පෙත්සම නිසා එය කල් යමින් පවතියි.