Posted on 02.08.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වතු කම්කරු දිනක මූලික වැටුප රුපියල් 1000 ක් කිරීම සම්බන්ධයෙන් පඩි පාලක සභාව අද (08දා) රැස් වී අවසන් තීරණය ගැනීමට නියමිතව තිබේ.
කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසා ඇත්තේ වතු කම්කරු වැටුප ලෙස රුපියල් 900 ක් ද අය වැය දීමනාව ලෙස රුපියල් 100 ක් ද මෙහිදී ඔවුන්ට ලැබීමට නියමිත බවයි.
පඩි පාලක සභාවේ සභාපතීත්ත්වය තමා දරන බවත්, එහි නියෝජිතයන් ලෙස වෘත්තීය සමිති නියෝජිතයන් 08ක්, හාම්පුතුන් නියෝජනය කරමින් නියෝජිතයන් 08 ක් සහ රජය නියෝජනය කරමින් නියෝජිතයන් 03 ක් සිටින බව කම්කරු කොමසාරිස් ජනරාල් පවසා තිබේ.
වතු කම්කරු දිනක මූලික වැටුප රුපියල් 1000 ක් කිරීම සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමත් සමඟ රබර් සහ තේ වතු සේවකයන්ට මෙය බලපැවැත්වෙන බව ද ඔහු පවසා ඇත.
වතු කම්කරු වැටුප රුපියල් 1000 ක් කරන බවට ආණ්ඩුව විදින අවසන් වරට පොරොන්දු වූවේ මහින්ද රාජපක්ෂ සිදුකල අය වැය කතාවේදීයි. වතු කම්කරුවන් සිය වසර 6ක අරගලය තුළ ඉල්ලා සිටින්නේ සිය දිනක මූලික වැටුප 1000ක් කරන ලෙසයි. නමුත් පසුගිය වසර 6ටම එය පොරොන්දුවක් පමණක් බවට පත්විය. මේ ආණ්ඩුවද වතු කම්කරුවන්ගේ ඉල්ලීම වන මූලික වැටුප් වැඩිවීම පසෙක දමා වතු කම්කරුවන්ට පහසුවෙන් ලබාගත නොහැකි දීමනා එකතු කොට දිනක වැටුප 1000ක් කිරීමට සැරසෙන බව දක්නට ලැබෙන්නකි.