தமிழ்
English
Contact
Friday 22nd November 2019    
වතු ජනතාවගේ ඉඩම් හා නිවාස අයිතිය දිනාගැනීමේ දිනය ඔක්. 29 | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතු ජනතාවගේ ඉඩම් හා නිවාස අයිතිය දිනාගැනීමේ දිනය ඔක්. 29



ඔක්තෝබර් 29 වැනි දින වතු ජනතාවගේ ඉඩම් හා නිවාස අයිතිය දිනාගැනීමේ දිනය ලෙස නම් කර ඇත.

2014 දී මිරියබැද්ද, කොස්ලන්ද වතු නිවාස නායගිය අතර එහිදී ජීවිත 34ක් පණපිටින් වැලලූණි. එම ඛේදවාචකය සිහිකරමින් 2016 දී ඔක්තෝබර් 29 ‘වතුජනයාගේ ඉඩම් හා නිවාස අයිතිය දිනා ගැනීමේ දිනය’ නම් කළේ වතුකම්කරු මධ්‍යස්ථානය විසිනි.
වතුකම්කරුවන් වසර 200ක් තිස්සේ මෙරටට ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ඇතත් ඔවුන්ගේ මෙරට පුරවැසි අයිතිවාසිකම් තවමත් සම්පුර්ණ වී නැත. තමන්ගේම වූ ඉඩමක හා නිවාසක අයිතිය ඔවුන්ට නොමැතිය. ඒ නිසාම සිවිල් අයිතිවාසිකම් පවා ඔවුන්ට අහිමි වී තිබේ. ඉතාමත් අනාරක්ෂිත ලයින් කාමරවල ඔවුන් ජීවත් වන අතර වතු වැවිලි වගාව විසින් සිදු කරන ලද උග‍්‍ර පරිසරය විනාශය හේතුවෙන් බොහෝමයක් වතු නිවාස නායයාමේ තර්ජනයකට මේ වන විට මුහුණ දී ඇත.
ජීවත්වීමට සුදුසු ඉඩමක හා නිවසක් පිළිබඳ ඔවුන්ගේ අයිතිය තහවුරු කරන ලෙසත් ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම් සම්පුර්ණ කරන ලෙසත් වතු කම්කරු මධ්‍යස්ථානය රජයට බලකර කියා සිටියි. මෙවර එම දිනය වෙනුවෙන් ජනතා පෙත්සම් ව්‍යාපාරයක් සහ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට වතු කම්රු මධ්‍යස්ථානය විසින් කටයුතු කරමින් සිටියි.