Posted on 11.29.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් නමැති වන්නියේ මාධ්‍යවේදියෙකුට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගත් යුද හමුදා භටයන් තිදෙනකු පැය කිහිපයක් තුළ ඇප පිට නිදහස් කර තිබේ.
මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද 59 වැනි සේනාංකයට අයතු හමුදා සාමාජිකයන් තිදෙනා ඇප පිට නිදහස්ව ගොස් ඇත්තේ යුද හමුදාව විසින් සිදු කළ අමානුෂික පහර දීම හා වධ හිංසා කිරීම තරයේ හෙළා දකිමින් මුලතිව් නගරයේත්, මඩකලපුව නගරයේත් විරෝධතා පැවැත්වෙමින් තිබියදීය.
නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් නොවැම්බර් 27 වැනි සෙනසුරාදා දිනයේ මුල්ලිවයික්කාල් නාම පුවරුව වීඩියෝ ගත කරමින් සිටියදී යුද හමුදාව විසින් ඔහුට අමානුෂික ලෙස පහර දී වධ හිංසා කර තිබුනි.
එම අමානුෂික පහර දීම හා වධ හිංසා කිරීම තරයේ හෙළා දකිමින් මුලතිව් නගරයේදී විරෝධතා දියත් කළ උද්ඝෝෂකයන් රජයට බල කර තිබුනේ රටේ මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන ලෙසයි.
‘මුලතිව් මාධ්‍ය සමාජය’ නොවැම්බර් 28 වැනි ඉරිදා දියත් කළ එම විරෝධතාවය සදහා ආගමික නායකයන්ගේ, දේශපාලනඥයන්ගේ මෙන්ම සිවිල් සංවිධාන වලද සහාය හිමිවී තිබුනි.
යුද හමුදාව විසින් විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මාධ්‍යවේදියාට පහර දී ඇත්තේ කටු කම්බි එතූ තල් පිත්තකින් බව මුලතිව් මාධ්‍ය සමාජය අවධාරණය කරයි. ඔහුගේ කැමරාව සහ ජංගම දුරකථනය උදුරාගත් 59 සේනාංකයේ හමුදා නිලධාරීන් යතුරු පැදියටද හානි කර තිබේ.
උදරයට, දෑතට සහ දෙපයට බරපතල ලෙස තුවාල සිදුවූ ඔහු දැනට මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට යුද හමුදාව විසින් සිදු කළ පහර දීමට යුක්තිය ඉල්ලා සිටි උද්ඝෝෂකයන් රජයට දැඩි ලෙස බල කර සිටියේ රටේ මාධ්‍යවේදීන්ගේ නිදහස සුරක්ෂිත කරන ලෙසයි.
මේ අතර වන්නියේ දෙමළ මාධ්‍යවේදියාට වධහිංසා කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් දවසේම ඇප ලද සෙබලුන් තිදෙනා වන ඊරියකඳුරේ ගෙදර විපුල (36), දිනුක සඳරුවන් විජේරත්න (20) සහ තිවංක සංගීත් ධනංජය (21) ගැන පරීක්ෂණ පවත්වනු ඇත්තේ යුද හමුදාව විසින් බව මුලතිව් පොලිසිය පවසයි.
(මූලාශ්‍රය – The Leader)