தமிழ்
English
Contact
Friday 16th April 2021    
වනාන්තර ආශ්‍රිතව ඛණිජ කැණීම් සිදුකිරීමට ලබාදී ඇති බලපත්‍රවල කාලය මාස 3කින් දීර්ඝ කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වනාන්තර ආශ්‍රිතව ඛණිජ කැණීම් සිදුකිරීමට ලබාදී ඇති බලපත්‍රවල කාලය මාස 3කින් දීර්ඝ කරයි



වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කලාප සඳහා නිකුත් කර ඇති කැණීම් බලපත්‍ර තවත් මාස 3ක කාලයකට දීර්ඝ කිරීමට තීරණය තිබේ. වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති උපදෙස් අනුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු වන සංරක්ෂක ජනරාල් වෙත යොමුකළ ලිපියකින් දැක්වෙන්නේ භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

එසේම භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සිය නිලධාරීන් වෙත ලිපියක් යොමුකරමින් උපදෙස් දී ඇත්තේ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලබාදී ඇති උපදෙස් අනුව 2021-03-31 වන දිනෙන් අවලංගු වන එහෙත් වසරක කාලයක් නොයික්මවූ කැනීම් බලපත්‍ර විධිමත් චක්‍රලේඛයක් නිකුත් කරන තුරු මාස 3ක කාලයකින් දීර්ඝ කරන බවයි.

මෙහි වන සංරක්ෂණ ප්‍රදේශ යනු වනාන්තර ප්‍රදේශ වේ. ඒ අනුව වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව තව දුරටත් පස්, වැලි, මැණික් ආදී විවිධ කැනීම් සඳහා මේ හරහා තවදුරටත් අවස්ථාව ලබාදී ඇත.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යොමුකළ ලිපිය සහ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ අධ්‍යක්ෂ ජනරාල් යොමුකළ ලිපිය පහත දැක්වේ.