தமிழ்
English
Contact
Friday 24th May 2019    
වයඹ- මිනුවන්ගොඩ ගැටුම්වලට සැකපිට 60ක් අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වයඹ- මිනුවන්ගොඩ ගැටුම්වලට සැකපිට 60ක් අත්අඩංගුවට



වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් පුද්ගලයන් 60දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් පුද්ගලයන් 33ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි ගැටුම්වලට ඍජුවම වගකිවයුතු පුද්ගලයන් 10දෙනෙකු හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 27වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එසේම කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කළ තවත් පුද්ගලයන් 10 දෙනෙකු මැයි 27 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 14දෙනෙකු මැයි 29 දක්වාත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

මිට අමතරව සමාජ මාධ්‍ය ජාල හරහා ජාතිවාදී පැතිරවීම යන චෝදනාව ලැබු මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තුන් දෙනෙකුද මැයි මස 27 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

එසේම ගැටුම් ඇතිවූ ප්‍රදේශවල පොලීසිය සහ ත්‍රිවිද හමුදාවේ පිරිස් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවත් නීති උල්ලංඝණය කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත.