தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
වර්ෂාධික තත්වය නිසා ආපදා අවදානමක් - දිස්ත්‍රික්ක කිහිපයක නායයාමේ තර්ජන! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වර්ෂාධික තත්වය නිසා ආපදා අවදානමක් – දිස්ත්‍රික්ක කිහිපයක නායයාමේ තර්ජන!



දිවයිනට දැනට බලපා තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති නිසා නායයාමේ තර්ජන ඇතිවිය හැකි බවත් මිලි මිටර් 150 ට අධික වර්ෂාපතනයක් ලැබීම නිසා කාලගුණ අනතුරු සම්බන්ධ ඉහළ අවදානමක් ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවින් හෙට (07) දහවල් 12 වනතුරු කුඩා සහ එක්දින ධීවර යාත්‍රා මුහුදට යාත්‍රා කරවීමෙන් වළකින ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දී තිබේ.
ඒසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ ඉදිරි පැය 24 තුළදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
සැප්තැම්බර් 1 වැනිදා රාත්‍රියේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් පසුව වරින්වර දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇදහැලුණු අතර අධික සුළං හා සුළු නායයාම් තත්වයන් හේතුවෙන් අනතුරු ඇතිවී තිබේ. ඇතැම් ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී ඇතත් ගංවතුර අවදානමක්ද මතුවෙමින් තිබේ.