தமிழ்
English
Contact
Monday 8th March 2021    
වරාය අධිකාරියේ මුලු ආදායමෙන් 25%ක් ණයට හිලව් කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය අධිකාරියේ මුලු ආදායමෙන් 25%ක් ණයට හිලව් කෙරේ!



මේ වනවිට මෙරට වරායයන්ගෙන් උපයාගන්නා සමස්ත වාර්ෂික ආදායමෙන් 24.8%ක්ම ණය ගෙවීම සඳහා වෙන් කෙරෙන බව හෙළි වේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව වරාය කටයුතු ඇමැති ​රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ බව අනාවරණය වේ.  ඔක්තෝබර් මස 22 වැනි දින ඉදිරිපත්කර ඇති මෙම කැබිනට් පත්‍රිකාව මගින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ඉන්දියාවේ අදානි පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික් සමූහයට පැවරීමට යෝජනාකර ඇත. එහිදී ඇමතිවරයා සඳහන්කරන ආකාරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 327.8කි. ජපානයෙන් රුපියල් මිලියන 14,227ක් සහ ආසියානු සංවර්ධන බැංකු වෙන් රුපියල් මිලියන 45,254 සහ දේශීය බැංකු සහ වෙනත් දේශීය මූලාශ්‍ර මගින් රුපියල් මිලියන 11,000ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ණය වශයෙන් ලබාගෙන තිබේ.

තවද චීනයට පවරා දුන් හම්බන්තොට වරායෙන් ලැබුණු ආදායම වන ඩොලර් මිලියන 974ක මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාගෙන ඇති නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඒයින් කිසිදු මුදලක් හිමිව නැති බවද අනාවරණය වේ.