தமிழ்
English
Contact
Saturday 24th October 2020    
වරාය නගරය නිසා මුහුදේ කොටසක් රටට එකතු වුණා - මහින්ද රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගරය නිසා මුහුදේ කොටසක් රටට එකතු වුණා – මහින්ද රාජපක්ෂ



කොළඹ වරාය නගරය ඉදිකිරීම තුළින් පළමු වතාවට මුහුදේ කොටසක් අපේ රටට එකතු කරගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට වරාය නගර ව්‍යාපෘතිය පත්වන බවද ඔහු පවසා තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ හය වෙනි සංවත්සරයට සමගාමීව සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත .

“චීන ජනාධිපතිතුමයි මමයි ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියට අදට වසර 6ක් ගත වෙනවා. පසුගිය කාලයේ සිදු වූ යම් යම් දේ නිසා වසර 2 පමණ එම ව්‍යාපෘතියේ වැඩ ප්‍රමාද වුණා. දැන් නැවත වරාය නගර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී තියෙනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වෙනවා,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“එමඟින් රැකියා 83,000 පමණ බිහි වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ථ ආයෝජනය ඩොලර් බිලියන 15ක්. අපි කුඩා අවදියේ අසා තිබුණේ මුහුදට මේ රට ඛාදනය වෙනවා කියලා. පළමු වතාවට අපි මුහුද අපේ රටට එකතු කර ගත්තා,“ යනුවෙන් මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.